ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයේ යෝගට් ව්‍යාපෘතිය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මුල්ගල තබයි

ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයේ පවත්වාගෙන යනු ලබන යෝගට් ව්‍යාපෘතිය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මුල් ගල තැබීම අද (2020 පෙබරවාරි 26) සිදු විය.

26 Feb 2020

නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් රුවන් පෙරේරා වැඩ භාර ගනී

රියර් අද්මිරාල් රුවන් පෙරේරා අද (2020 පෙබරවාරි 26) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

26 Feb 2020

ජ්‍යෙෂ්ඨ නාවිකයින් 100 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයින් 100 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලී රහිත ණය මුදල් ලබා දීම අද (2020 පෙබරවාරි 26) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාධිපතිතුමාගේ කාර්යාලයේදී සිදු කෙරුණි.

26 Feb 2020

ගංජා හේන් හතරක් (04) නාවික හමුදාව වටලයි.

නාවික හමුදාව 2020 පෙබරවාරි 25 වන දින යාල, බලුගන්තලාව ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකින් ගංජා හේන් හතරක් (04) සොයා ගැනීමට සමත්විය.

26 Feb 2020

තුර්කි තානාපතිනි ආර්. ඩිමෙට් සෙකසියොග්ලූ (R. Demet Sekercioglu) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක.

තුර්කි තානාපතිනි ආර්. ඩිමෙට් සෙකසියොග්ලූ (R. Demet Sekeroioglu) අද (2020 පෙබරවාරි 26) නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වන ලදි.

26 Feb 2020

නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදාව, කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් කාර්යාංශය සහ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය එක්ව 2020 පෙබරවාරි 25 වන දින රත්මලාන ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරීමකදී නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

26 Feb 2020

ග්ලයිෆොසේට් අඩංගු රසායනික ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2020 පෙබරවාරි 25 වන දින ඕමන්ත හමුදා මුරපොළ අසල සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ග්ලයිෆොසේට් අඩංගු රසායනික ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදි.

26 Feb 2020

නාවික හමුදාව විසින් මන්නාරම නච්චිකුඩා වෙරළ තීරයෙන් තහනම් දැල් 31 ක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2020 පෙබරවාරි 25 වන දින මන්නාරම නච්චිකුඩා සිට කුමුලමුනේ වෙරළ තීරයේ සිදු කල සෝදිසි මෙහෙයුමකින් ඩිංගි යාත්‍රා තුල තිබී තහනම් දැල් 31ක ප්‍රමාණයක් නාවික හමුදා බාරයට ගන්නා ලදි.

26 Feb 2020

කොළඹ වාහන තදබදය පාලනයට නාවික හමුදා විනයාරක්‍ෂක අංශයේ දායකත්වය

කොළඹ නගර සීමාව තුල පවතින වාහන තදබදය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ විනයාරක්‍ෂක අංශයේ නාවිකයින් යෙදවීමට කටයුතු කර ඇත.

26 Feb 2020

සැම්බියානු යුද්ධ හමුදාධිපති නාවික හමුදා යාත්‍රා තැනිමේ අංගනයේ සංචාරයක නිරත වෙයි

සැම්බියානු යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් ඩබ්එම් සිකාස්වේ අද (2020 පෙබරවාරි 25) වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගනයේ සංචාරයක නිරත වන ලදී.

25 Feb 2020