බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් ‘මොන්ට්රොස්’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් ‘මොන්ට්රොස්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (අප්‍රේල් 02) කොළඹ වරායට ‍සේන්දු විය.

02 Apr 2019

Jet Ski Championship - Navy Cup 2019 එළඹෙන 06 සහ 07 යන දෙදින බේරේ වැවේදී

නාවික හමුදා අති ධාවනකාරි ජල ක්‍රීඩා සංචිතය මගින් හයවන වරටත් සංවිධානය කරනු ලබන ‘Jet Ski Championship - Navy Cup 2019’ එළඹෙන අප්‍රේල් මස 06 සහ 07 යන දෙදින බේරේ වැවේදී පැවැත්විමට සියළු කටයුතු මේවන විට සුදානම් කර ඇත.

02 Apr 2019

පෑලියගොඩ ප්‍රදේශයේ ඇල මාර්ගයක් පිරිසිදු කිරීමට නාවික හමුදා දායක්තවය

ශ්‍රී ලංකා නාවික නෞකා තක්‍ෂිලා ආයතනයේ නාවික හමුදා ඇළ මාර්ග පිරිසිදු කිරීමේ විශේෂ ව්‍යාපෘතිය මඟින් ඊයේ (අප්‍රේල් 01) පෑලියගොඩ නගරයේ ඉදි වෙමින් පවතින නව එළවලු වෙළදසැල අසලින් ගලා බසින ඇල මාර්ගය පිරිසිදු කිරීම සඳහා වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

02 Apr 2019

පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (අප්‍රේල් 01) අරිප්පු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී පුපුරණ ද්‍රව්‍ය යොදා(ඩයිනමයිට්) මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත.

01 Apr 2019

සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ අභ්‍යාසය එළඹෙන අප්‍රේල් 18 වන දින

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ එක්සත් ජනපද ශාන්තිකර දියත් විධානය එක්ව සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳව නාවික අභ්‍යාසය (Cooperation Afloat Readiness and Training Exercise – 2019) එළඹෙන අප්‍රේල් මස 18 වන දින සිට 27 වන දින දක්වා හම්බන්තොට ප්‍රදේශයේ දී ආරම්භ වීමට නියමිතය.

01 Apr 2019

හෙරොයින් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ මුතුර්, පොලිසියට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව අද (අප්‍රේල් 01) පුල්මුඩේ, තක්ව නගර් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී හෙරොයින් ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔහු සතුව තිබී හෙරොයින් මිලි ග්‍රෑම් 194 ක් සොයා ගෙන ඇත.

01 Apr 2019

ශ්‍රී ලංකා නාවික නෞකා මහානාඝ පිහිටි නාවික ගිලන්හල නාවික රෝහල (ගිණිකොන) වශයෙන් නම් කෙරේ

ගිණි‍කොන නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා මහානාඝ ආයතනයේ පිහිටි ගිලන් හල අළුත්වැඩියා කිරීමෙන් පසු නාවික රෝහල (ගිණිකොන) වශයෙන් නම් කිරීම අද (අප්‍රේල් 01) ගිණිකොන නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නොයෙල් කළුබෝවිල නිලධාරිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

01 Apr 2019

කොමාණ්ඩර් ජනක හෙට්ටිආරච්චි ශ්‍රීලංනානෞ ජයසාගර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ජයසාගර නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් ජනක හෙට්ටිආරච්චි අද (අප්‍රේල් 01) වැඩ භාර ගන්නා ලදී.

01 Apr 2019

දියේ ගීලි මිය ගිය පුද්ගලයෙකුගේ මෘත දේහය නාවික හමුදාව විසින් සොයා ගැනේ

යට්ටෝවිට, බෙලිගහ පාරේ ඇති දියමංකඩේ දියේ ගිලී අතුරුදහන්ව සිටි පුද්ගලයෙකු සොයා කිමිදුම් මෙහෙයුමක් ඊයේ (මාර්තු 31) ක්‍රියාත්මක කළ අතර, ඒ අනුව අද උදෑසන එම පුද්ගලයාගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත.

01 Apr 2019

කංසා ග්‍රෑම් 910 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

ගිණිකොන නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ ආරුගම්බේ, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව ඊයේ (මාර්තු 31) පොතුවිල් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කංසා ග්‍රෑම් 910 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම පුද්ගලයා විකිණිම සඳහා කංසා ලඟ තබා ගෙන සිටියදි මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

01 Apr 2019