බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ධලේශ්වරී’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ධලේශ්වරී’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (මාර්තු 03) කොළඹ වරායට ‍සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

03 Mar 2019

දියේ ගිලෙමින් සිටි කුඩා දැරියකගේ දිවි බේරා ගැනීමට නාවික හමුදාව සමත් වී ඇත

ගිණිකොණනාවික විධානයට අයත්, නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට (4RU) අනුයුක්ත නාවිකයින් විසින් ඊයේ (මාර්තු 02) පානම මෝය කට ආසන්නයේ ගිලෙමින් සිටි කුඩා දැරියකගේ දිවි බේරා ගැනීමට සමත් විය.

03 Mar 2019

34 වන විවෘත ජාතික ඔරු පැදීමේ තරඟාවලිය - 2019

ජාතික ඔරු පැදීමේ තරඟාවලිය (National Rowing Championship – 2019) පසුගිය පෙබරවාරි මස 28 දින සිට මාර්තු මස 02 වන දින දක්වා පුරා දින 03ක් දියවන්නා ජල ක්‍රීඩා මධ්‍යස්ථානයේදී (Water Sport Centre) පැවැත්විය.

03 Mar 2019

මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් 188 ක් නාවික හමුදාව සොයාගනී

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (මාර්තු 02) උදැසන මඩකළපුව, කළපු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.

03 Mar 2019

විශේෂ යාත්‍රා බලඝණයේ පුහුණුව ලැබූ නිලධාරීන් සහ නාවිකයන් 23 දෙනෙකු විසිර යති

නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ 26 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් දහනව දෙනෙකු (19) සහ නිලධාරින් සිව් දෙනෙකු (04) සිය පුහුණුව සාර්ථක ලෙස නිමා කරමින් අද (මාර්තු 02) ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේ පිහිටි විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී විසිර ගියහ.

02 Mar 2019

නාවික හමුදාව විසින් සිදුකළ දැනුම්දීමකට අනුව කසමෝරු ඇල්ලූ පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදාව විසින් සිදුකළ දැනුම් දීමකට අනුව අද (‍මාර්තු 02) වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සහ මීගමුව, ධීවර කාර්යාලයට අනුයුක්ත නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ මෙහෙයුමකින් තහනම් මත්ස්‍ය විශේෂයක් වන කසමෝරුන් අල්ලා මීගමුව ධිවර වාරාය වෙත රැගෙන එමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

02 Mar 2019

ශ්‍රීලංකා නාවික නෞකා භරණ ආයතනයේ නව කණිෂ්ඨ නාවික නිවාසයක් විවෘත කරයි

වයඹ නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ භරණ ආයතනයේ අලුතින් ඉදිකරණ ලද කණිෂ්ඨ නාවික නිවාසය වයඹ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුජීව පෙරේරා මහතා විසින් අද (මාර්තු 02) විවෘත කෙරිණි.

02 Mar 2019

හෙරොයින් සමඟ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ මන්නාරම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව ඊයේ (මාර්තු 01) මන්නාරම, උප්පුකුලම් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී හෙරොයින් අලෙවි කරමින් සිටි කාන්තාවක් සහ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

02 Mar 2019

රියර් අද්මිරාල් නොයෙල් කළුබෝවිල ගිණිකොන නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගනී

රියර් අද්මිරාල් නොයෙල් කළුබෝවිල අද (මාර්තු 01) ගිණිකොන නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

01 Mar 2019

රියර් අද්මිරාල් උපුල් ඒකනායක මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් උපුල් ඒකනායක සිය වසර 34 ක නාවික සේවය නිමා කරමින් අද දින (මාර්තු 01) විශ්‍රාම යන ලදී.

01 Mar 2019