අනතුරටපත් ඉන්දීය ධීවරයින් නාවික හමුදාව විසින් බේරා ගනී
 

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුලදී අනතුරට පත් ඉන්දීය ධීවරයන් පිරිසක් සොයා ශ්‍රී ලංකා නාවික හමුදාව මේ වන විට විශේෂ මුදවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

13 Jan 2019

මුහුදු සීමාව උල්ලංගනය කරමින් ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධීවරයින් නාවික හමුදා අත්අඩංගුවට
 

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකරනු ලැබූ විශේෂ මෙහෙයුමකින් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකා මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 20 ක් සහ ට්‍රෝලර් යාත්‍රා 03 ක් ඊයේ (ජනවාරි 12) නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

13 Jan 2019

කාන්තාවන් දෙදෙනෙක් කැස්බෑ මස් සමඟ නාවික හමුදා අත්අඩංගුවට පත්වේ.
 

ඊයේ (ජනවාරි 12) වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් නල්ලදරන්කට්ටුව ප්‍රදේශයේ පාමුර සංචාරයක නිරතව සිටියදී මස් පිණිස කැස්බෑවන් මරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

13 Jan 2019

ගැලිහේන කලපුවේ අතුරුදන් වූ ධීවරයා නාවික හමුදාව විසින් සොයා ගැනේ
 

ඊයේ (ජනවාරි 11) හලාවත ගැලිහේන කළපුවේ ධීවර කටයුතුවල නිරතවී සිටි පුද්ගලයෙකු අතුරුදන්වී ඇති බවට හලාවත පොලිස් ස්ථානය මඟින් සිදු කළ දැනුම් දීමකට අනුව නාවික හමුදා කිමිදුම් අංශයේ 06 දෙනෙ‍කුගෙන් යුත් කණ්ඩායමක් එම ස්ථානය වෙත යැවීමට කටයුතු කෙරිණි.

12 Jan 2019

නාවික හමුදාධිපතිතුමන් අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් පියතුමන් හමුවෙයි
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (ජනවාරි 12) කොළඹ අගරදගුරු තැන්පත් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් හමුවී ආශිර්වාද ලබා ගන්නා ලදී. එම හමුවීම කොළඹ අගරදගුරු නිල නිවසේදී සිදු කෙරිණි.

12 Jan 2019

නීති වීරෝධී ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 11 ක් නාවික හමුදා අත්අඩංගුවට
 

දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ගාල්ල, ධීවර පරීක්‍ෂක නිලධාරීන් සමඟ අද (ජනවාරි 11) අළුයම සිදු කළ මෙහෙයුමකදී අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 3 ක් ඔබ්බෙන් වූ මුහුදේ නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් 11ක් අත් අඩංගුවට ගෙන ඇත.

11 Jan 2019

මුව මස් කිලෝග්‍රෑම් 5 ක් සමඟ හෝටල් හිමිකරු නාවික හමුදා අත්අඩංගුවට පත්වේ
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව ඊයේ (ජනවාරි 10) දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ හම්බන්තොට, වනජීවී කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සමඟ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී හම්බන්තොට, මිරිජ්ජවිල ප්‍රදේශයේ පිහිටි හෝටලයක තිබී මුව මස් කිලෝග්‍රෑම් 5 ක් සොයාගෙන ඇත.

11 Jan 2019

කැස්බෑ මස් කිලෝග්‍රෑම් 3.185 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට පත්වේ.
 

අද (ජනවාරි 10) උතුරුමැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් වංකාලේයිපාඩු ප්‍රදේශයේ පාමුර සංචාරයක නිරතව සිටියදී සැකසහිත පුද්ගලයෙකු පරික්‍ෂාවට භාජනය කර ඇත. එහිදී ඔහු සතුව තිබී කැස්බෑ මස් කිලෝග්‍රෑම් 3.185 ක ප්‍රමාණයක් සොයාගෙන ඇත.

10 Jan 2019

අවසරපත් නොමැතිව නීති විරෝධීව දැව කඳන් ප්‍රවාහනය කල පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සාම්පූර් පොලිස් ස්ථානයේ නිලධාරින් සමඟ සම්බන්ධ වී ඊයේ (ජනවාරි 09) කොක්අඩි ප්‍රදේශයේදී අවසරපත් නොමැතිව නීති විරෝධී ලෙස කපාදැමු වීර දැව ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

10 Jan 2019

ස්වේච්ඡා නාවික හමුදා වාර්ෂික පුහුණු කඳවුර වැලිසරදී ආරම්භ වෙයි
 

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ 67 වන සංවත්සරයට සමගාමීව 2019 ජනවාරි 04 වන දින වැලිසර පිහිටි ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථානයේදී වාර්ෂික පුහුණු කඳවුර ආරම්භ කරන ලදී.

10 Jan 2019