ජපාන නාවික හමුදා සාමාජිකයින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක
 

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඉකසුචී’ නෞකාව සුහද සංචාරයක් සඳහා ඊයේ (ජනවාරි 15) හම්බන්තොට වරායට සේන්දු වූ අතර, එම නෞකාවේ කාර්ය මණ්ඩලය විසින් අද හම්බන්තොට වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා සහභාගී විය.

16 Jan 2019

සොයා ගැනීමේ සහ බේරා ගැනීමේ ක්ෂණික ජල පුහුණු‍ දින 08 ක වැඩසටහනක්
 

ආසියා පැසිෆික් ආපදා කළමණාකරන සංවිධානය (Asia pacific Alliance for Disaster Management ) විසින් සොයා ගැනීමේ සහ බේරා ගැනීමේ ක්ෂණික ජල පුහුණු‍ වැඩසටහනක් හෙට (ජනවාරි 16) දින සිට දින අටක් (08) පුරා නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණ මූලස්ථානය පිහිටි පුත්තලම, එළුවන්කුලම්හි ග‍ඟේවාඩිය කලපු ප්‍රදේශය ආශ්‍රිතව පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

15 Jan 2019

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඉකසුචී’ නෞකාව හම්බන්තොට වරායට සේන්දු වෙයි
 

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඉකසුචී’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (ජනවාරි 15) හම්බන්තොට වරායට සේන්දු විය.

15 Jan 2019

රුසියානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් ඩෙනිස් අයි. ස්කෝඩා මහතා අද (ජනවාරි 14) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමු විය.

14 Jan 2019

ශ්‍රී ලංකා ‍මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වන ඉන්දිය ධීවර යාත්‍රා නාවික හමුදා අත්අඩංගුවට
 

පසුගිය ‍ජනවාරි 12 සහ 13 යන දෙදින තුළ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඉන්දිය ධිවරයින් 20 දෙනා සහ මුදවා ගත් ධිවරයින් අටදෙනා (08) මේ වන විට අදාල ප්‍රාදේශීය ධිවර පරික්‍ෂක කාර්යාලයන්ට සහ පොලිස් ස්ථාන වෙත භාර දිමට කටයුතු කර ඇත.

14 Jan 2019

නව නාවික හමුදාධිපතිතුමන් පොලිස්පතිතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (ජනවාරි 14) පොලිස් මූලස්ථානයේ දී පොලිස්පති, පූජිත් ජයසුන්දර මහතා හමුවිය.

14 Jan 2019

නාවික හමුදාධිපතිතුමන් ගුවන් හමුදාධිපතිතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (ජනවාරි 14) ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති, එයාර් මාෂල් කපිල ජයම්පති මහතා හමුවිය.

14 Jan 2019

ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්තුමන් නාවික හමුදාධිපතිතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්, අතිගරු බ්‍රයිස් හචිසන් මහතා අද (ජනවාරි 14) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමුවිය. එහිදී හචිසන් මහතා විසින් ශ්‍රී ලංකා‍ නාවික හමුදාවේ 23 වන නාවික හමුදාධිපතිතුමන් වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා වෙත සිය සුභ පැතුම් පිරිනමන ලදී.

14 Jan 2019

නීතිවිරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් තොගයක් නාවික හමුදාව සොයා ගැනේ
 

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (ජනවාරි 14) උදෑසන මන්නාරම වෙරළ ප්‍රදේශයේ සිදු කළ පා මුර සංචාරයකදි නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් තොගයක් සොයා ගන්නා ලදී.

14 Jan 2019

ඉන්දීය ධීවරයෙකුගේ මළ සිරුරක් නාවික හමුදාව විසින් සොයා ගැනේ
 

ඩෙල්ෆ්ට් දූපතට ආසන්න මුහුදු සීමාවේදී ඉන්දීය ධීවරයෙකුගේ මළ සිරුරක් අද (ජනවාරි 13) නාවික හමුදාව විසින් සිදු කළ සෝදිසි මෙහෙයුමේ දී සොයාගැනීමට සමත් වී ඇත.

13 Jan 2019