උතුරු මැද නාවික විධානයට අයත් වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහනක්
 

උතුරු මැද නාවික විධානයට අයත් වෙරළ තීරයන් ආවරණය වන පරිදි පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය අගෝස්තු 25 වන දින එම විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී.

28 Aug 2018

නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 14 දෙනෙකු සහ අලෙවිකිරීමට රැගෙනයමින් තිබූ කැස්බෑ මස් තොගයක් නාවික හමුදා භාරයට පත් විය.

28 Aug 2018

ශ්‍රීලංනානෞ ‘රණගජ’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) රුක්මන් වීරසේකර මහතා වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගොඩබෑමේ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘රණගජ’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) රුක්මන් වීරසේකර මහතා අද (අගෝස්තු 26) වැඩ භාර ගන්නා ලදී.

26 Aug 2018

මීගමුව මුහන්දිරම්පිටිය කලපු තොටුපොළ පිරිසිදු කිරීමට නාවික හමුදාවේ සහාය
 

විවිධ අපද්‍රව්‍ය හේතුවෙන් අපවිත්‍ර වී තිබූ මීගමුව මුහන්දිරම්පිටිය කලපු තොටුපොළ ආශ්‍රිත පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ඊයේ (අගෝස්තු 25) ක්‍රියාත්මක කරන ලද අතර, ඒ සඳහා නාවික හමුදාව විසින් සිය දායකත්වය ලබා දීමට කටයුතු කරන ලදී.

26 Aug 2018

දියේ ගීලි මියගිය පුද්ගලයෙකුගේ මෘත දේහය නාවික හමුදාව විසින් සොයා ගැනේ
 

වත්තේගම, රාස් ඇල්ලෙහි දිය නෑමට ගොස් අතුරුදහන් වූ තරුණයෙකුගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදාව ඊයේ (අගෝස්තු 24) කටයුතු කරන ලදී.

25 Aug 2018

ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 13 ක් ප්‍රජා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කිරීම හදුන්වාදිය හැකි අතර, ඒ අනුව, ඊයේ (අගෝස්තු 24) වයඹ පලාතේ ප්‍රදේශ ගණනාවක් ආවරණය වනපරිදි ඉදිකරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 13 ක් පොල්පිතිගමදී, අතිගරු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් දුරස්ථ සංනිවේදන තාක්‍ෂණය ඔස්සේ ප්‍රජා අයිතියට පත් කෙරුණි.

25 Aug 2018

ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘ඇන්කරේඡ්’ නෞකාව ත්‍රිකුණාමලය වරායට සේන්දු වෙයි
 

ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් යුධ නෞකාවක් වන ‘ඇන්කරේජ්’ නෞකාව සිව් දින පුහුණු අභ්‍යාසයක් සඳහා අද (අගෝස්තු 24) ත්‍රිකුණාමලය වරායට සේන්දු විය. එහ

24 Aug 2018

ආරක්‍ෂක ලේකම්තුමා ඇමෙරිකානු වෙරළාරක්‍ෂක නෞකා ‘ෂර්මන්’ හි නිරික්ෂණ චාරිකාවක නිරත වේ
 

ආරක්‍ෂක ලේකම්, ජනාධිපති නිතිඥ කපිල වෛද්‍යරත්න මහතා සහ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ඊයේ (අගෝස්තු 22) ඇමෙරිකා එක්සත් ජනපදය මඟින් ලබා ගැනීමට නියමිත ඇමෙරිකානු වෙරළාරක්‍ෂක නෞකා ෂර්මන් (USCGC Sherman) හි නිරික්‍ෂණ චාරිකාවක නිරත වන ලදී.

23 Aug 2018

මුහු‍දේ ගිලෙමින් සිටි ඉන්දීය ධීවරයින් හය‍දෙනෙකු (06) නාවික හමුදාව විසින් බේරා ගැනේ
 

ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදි සිටි උතුරු නාවික විධානයට අයත් නෞකාවකට අනුයුක්ත නිලධාරින් සහ නාවිකයින් පිරිසක් විසින් ඊයේ (අගෝස්තු 22) මුහුදේ ගිලෙමින් සිටි ඉන්දීය ධීවරයින් හයදෙනෙකුගේ (06) දිවි බේරා ගැනීමට සමත් විය.

23 Aug 2018

ජපන් ආරක්ෂක අමාත්‍යතුමා නැගෙනහිර නාවික විධානයේ සංචාරයක
 

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ජපන් ආරක්ෂක අමාත්‍ය ඉට්සුනොරි ඔනොඩෙරා (Itsunori Onodera) මහතා අද (අගෝස්තු 22) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත විය.

22 Aug 2018