ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අභිනව පිරිවෙන් ශාලා ගොඩනැගිලි සංකීර්ණය සහ සංඝාවාසය සඟ සතු කොට පූජා කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදා සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ශ්‍රම දායකත්වයෙන් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අභිනවයෙන් ඉදිකළ පිරිවෙන් ශාලා ගොඩනැගිලි සංකීර්ණය සහ සංඝාවාසය සඟ සතු කොට පූජා කිරීමේ සහ අභිනව වාහල්කඩ විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජුනි 27 වන දින සිදුකෙරිණි.

30 Jun 2018

කපිතාන් චන්දිම සිල්වා මහතා ශ්‍රීලංනානෞ සුරනිමිල නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මිසයිල නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘සුරනිමිල’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (ඒඑස්ඩබ්) චන්දිම සිල්වා මහතා අද (ජුනි 29) දින වැඩ භාර ගන්නා ලදී.

29 Jun 2018

ඉන්දියානු ආරක්ෂක උපදේශක උතුරු මැද නාවික විධානයේ සංචාරයක
 

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් අශෝක් රාඕ මහතා අද (ජුනි 29) උතුරු මැද නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත විය.

29 Jun 2018

කැනේඩියානු ආරක්ෂක උපදේශක නැගෙනහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් මයික් හෝගන් මහතා අද (ජුනි 29) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු නන්දන ජයරත්න මහතා හමුවිය.

29 Jun 2018

පාකිස්ථාන ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්‍රධානී නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක
 

සිව්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පාකිස්ථාන ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්‍රධානී, ජෙනරාල් සුභායිර් මහ්මුද් හයාත් මහතා (General Zubair Mahmood Hayat) අද (ජුනි 28) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

28 Jun 2018

කැනේඩියානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් මයික් හෝගන් මහතා අද (ජුනි 28) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.

28 Jun 2018

උතුම් වූ පොසොන් පොහෝ දිනය නාවික හමුදාව සැදැහැ සිතින් සමරයි
 

තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දහම් පණිවිඩය මිහිඳු මහරහතන් වහන්සේ විසින් මෙරට ස්ථාපිත කිරීම සිදුවුණු පොසොන් පොහෝ දිනය ඊයේ (ජුනි 28) දිනට යෙදී තිබුණු අතර, පොසොන් පොහෝ දිනට සමගාමීව නාවික හමුදාව විසින් විවිධ ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණි.

28 Jun 2018

ආරක්‍ෂක සේවා කායවර්ධන තරඟාවලියේ අනුශූරතාවය නාවික හමුදාවට
 

ආරක්‍ෂක සේවා කායවර්ධන තරඟාවලිය පසුගිය ජුනි 26 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී පැවැති අතර, නාවික හමුදා කණ්ඩායම එහි අනුශූරතාවය හිමිකර ගැනීමට සමත් වූ අතර, එහි ශූරතාවය හිමිකර ගැනීමට යුද්ධ හමුදාව සමත් වන ලදී.

28 Jun 2018

නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය.

28 Jun 2018

අනතුරටපත් වෙළඳ නෞකාවක සිටි නාවිකයින් බේරා ගැනීමට නාවික හමුදාවේ සහාය
 

බටහිර නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවන් මඟින් අද (ජුනි 26) අළුයම කොළඹ වරායට නාවික සැතපුම් 11.6 ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී අනතුරට පත් ‘මුතා පයනියර්’ නම් වෙළඳ නෞකවේ සිටි කපිතාන් අතුළු ‍නාවිකයින් 11 දෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත් විය.

26 Jun 2018