ඉන්දීය අත්අඩංගුවේ සිටි ලාංකීක ධිවරයින් පස්දෙනෙකු නිදහස් කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක බළකාය සහ ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සහාය වෙයි
 

ඉන්දියානු මුහුදු සීමාව උල්ලංඝණය කිරීම හේතුවෙන් ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ අත්අඩංගුවට පත් වූ ශ්‍රී ලාංකික ධීවරයින් පස්දෙනෙකු (05) යළි මෙරටට භාර දීමේ කර්තව්‍ය ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව අද (මැයි 15) දින සිදු කෙරිණි.

15 May 2018

ලුතිනන් කොමාණ්ඩර් සේනක වාහල ශ්‍රීලංනානෞ එඩිතර II නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා එඩිතර II නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (සංඥා) සේනක වාහල මහතා අද (මැයි 15) වැඩ භාර ගන්නා ලදී.

15 May 2018

ඉන්දියානු යුද්ධ හමුදාධිපති ජෙනරාල් බිෆින් රාවට් මහතා නාවික හමුදාධිපති හමුවෙයි
 

ශ්‍රී ලංකා‍වේ නිල සංචාරයක නිරත වන ඉන්දියානු යුද්ධ හමුදාධිපති, ජෙනරාල් බිෆින් රාවට් මහතා ඇතුළු දූත පිරිස අද (මැයි 14) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.

14 May 2018

‘උඩවලව සුපර් ක්‍රොස් - 2018’ ධාවන තරඟාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට
 

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විදුලි හා කාර්මික ඉංජිනේරු බලකාය (SLAEME) සහ ශ්‍රී ලංකා යතුරු පැදි සංගමය එක්ව සංවිධානය කරනු ලැබු ‘උඩවලව සුපර් ක්‍රොස් - 2018’ තරඟාවලිය පසුගිය මැයි 13 වන දින සෙවනගල පිහිටි ‘Craftsman’s Auto Drome’ ධාවන පථයේ දී සාර්ථකව නිමාවට පත් වන ලදී.

14 May 2018

නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 28 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 28 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය. ඔවුන් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වීම සහ සහ බලපත්‍ර රහිතව ධිවර කටයුතුවල නිරතවිම යන හේතූන් මත නාවික හමුදා භාරයට ගෙන ඇත.

14 May 2018

මුලික පුහුණුව නිම කල ඉඳුරාම බඳවාගත් නිලධාරිණියන් තිදෙනෙක් සහ සේවා ප්‍රවේශ නිලධාරින් හයදෙනෙකු අධිකාරියට පත් කෙරේ
 

2017 වර්ෂයේ දෙවන ඉඳුරාම බඳවා ‍ගැනීමට අයත් දන්ත වෛද්‍ය අංශයට අයත් නිලධාරිණියන් තිදෙනෙකු (03) සහ 2017 පලමු සේවා ප්‍රවේශ බඳවා ‍ගැනීමට අයත් නිලධාරින් හයදෙනෙකු (06) න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණුව සාර්ථකව අවසන් කර අද (මැයි 11) දින ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේදී විසිර යන ලදී.

11 May 2018

61 වන බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරීන් හට පත්වීමේ ලිපි ප්‍රදානය කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 61 වන බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරීන් 60 දෙනෙකු හට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අද (මැයි 11) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.

11 May 2018

පෝලන්ත ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පෝලන්ත තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කර්නල් ස්ලැවොමිර් කොල්ටුන් මහතා අද දින (මැයි 11) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.

11 May 2018

ශාන්තිකර සහයෝගීතාව - 2018 වැඩසටහන ත්‍රිකුණාමලයේදී සාර්ථක ලෙස නිමාවට පත් වෙයි
 

ශාන්තිකර සහයෝගීතාව - 2018 වැඩසටහනට සහභාගී වීම සඳහා පසුගිය අප්‍රේල් 25 වන දින ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් මර්සී ආරෝග්‍යශාලා නෞකාව ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, ඒ අනුව, ප්‍රජා සත්කාරක සහ සමාජ සුභසාධන කටයුතු රාශියක් සාර්ථක ලෙස නිමාවට පත් කිරීමෙන් අනතුරුව ශාන්තිකර සහයෝගීතාව - 2018 සමාප්ති උත්සවය පසුගිය මැයි 08 වන දින ත්‍රිකුණාමලයේදී පැවැත්විණි.

10 May 2018

ඉන්දිය වෙරළ ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක බලකායේ උසස් නිලධාරීන් සහ ඉන්දියානු වෙරළ ආරක්ෂක බලකායේ උසස් නිලධාරීන් අතර පැවැත්වූ තෙවන මාණ්ඩලික සාකච්ඡාව සඳහා සහභාගී වූ ඉන්දිය වෙරළ ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල්, වයිස් අද්මිරාල් රාජේන්ද්‍ර සිං මහතා අද (මැයි 09) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.

09 May 2018