නාවික හෙද හෙදියන්ගේ හිස් වැසුම් පැලදීමේ හා සේවය ප්‍රතිඥා දීමේ උත්සවය උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි
 

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධිත වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා තක්‍ෂිලා ආයතනයේ ස්ථාපිත නාවික හෙද විදුහලේ 2016 වර්ෂයේ බඳවා ගැනීමට අයත් හෙද සිසුන්ගේ හිස් වැසුම් පැලදීමේ හා සේවයට ප්‍රතිඥා දීමේ උත්සවය ඊයේ (අප්‍රේල් 05) කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

06 Apr 2018

නාවික කුසලාන අන්තර් සමාජ හොකී තරඟාවලිය අප්‍රේල් 07 සහ 08 යන දෙදින වැලිසර දී පැවැත්වෙයි
 

නාවික හමුදා හොකී ක්‍රීඩා සංගමය විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලබන, 2018 නාවික කුසලාන අන්තර් සමාජ හොකී තරඟාවලිය මෙම මස 07 සහ 08 යන දෙදින වැලිසර නාවික හමුදා හොකී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට මේ වන විට සියළු කටයුතු සූදානම් කොට ඇත.

05 Apr 2018

උතුරු නාවික විධානය විසින් නයිනතිව් දූපතේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වයි
 

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානයට අනුයුක්ත වෛද්‍ය අංශයේ නිලධාරීන් සහ නාවිකයන් විසින් ඊයේ (අප්‍රේල් 03) නයිනතිව් දූපතේ, නාගදීප රජමහා විහාරස්ථානයේදී ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වන ලදි.

04 Apr 2018

කපිතාන් ධම්මික විජේවර්ධන මහතා ශ්‍රීලංනානෞ නන්දිමිත්‍ර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මිසයිල නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා නන්දිමිත්‍ර නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (ජල මානක විද්‍යා) ධම්මික විජේවර්ධන මහතා ඊයේ (අප්‍රේල් 03) වැඩ භාර ගන්නා ලදී.

04 Apr 2018

ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයේ නිල වෙබ් අඩවිය එළිදැක්වේ
 

ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය - 2018, නිල වෙබ් අඩවිය එළිදැක්වීම පසුගිය මාර්තු මස 28 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අතින් සිදු කෙරිණි.

02 Apr 2018

නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන්හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 6 දෙනෙකු නීතියේ රැහැනට හසු කර ගැනීම සඳහා නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී.

02 Apr 2018