ඕස්ට්‍රේලියානු රජය මඟින් ශ්‍රීලංනානෞ මිහිකත වෙත ප්‍රධාන එන්ජින් 2 ක් ප්‍රදානය කරයි
 

ඕස්ට්‍රේලියානු සහ ශ්‍රී ලංකා රජයන් අතර පවතින දිගු කාලීන ද්විපාර්ශ්වික සුහදතාවය වර්ධනය කරනු වස් ඕස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ශ්‍රීලංනානෞ මිහිකත නෞකාව සඳහා නව එන්ජින් 2 ක් ප්‍රදානය කරන ලදී.

15 Mar 2018

ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ ආයතනය සිය 26 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
 

ගාල්ල, ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ ආයතනයේ 26 වන සංවත්සරය පසුගිය (මාර්තු 09) දිනට යෙදී තිබූ අතර, එය නිමිති කර ගනිමින් එම ආයතනයේ අණදෙන නිලධාරී, කපිතාන් (මාලිමා) ජගත් ප්‍රේමරත්න මහතා ඇතුළු නැව් මුළුව විසින් පසුගිය දින කිහිපය තුළදී ආගමික සහ සමාජ සුභ සාධන වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන ලදී.

13 Mar 2018

රියර් අද්මිරාල් ආටිගල මහතා නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගනී
 

රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා අද (මාර්තු 12) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

12 Mar 2018

අන්තර් විධාන මළල ක්‍රීඩා උළෙල 2018 සාර්ථක ලෙස නිමාවට පත් වෙයි
 

නාවික හමුදා අන්තර් විධාන මළල ක්‍රීඩා උළෙල - 2018 පසුගිය මාර්තු මස 10 සහ 11 යන දෙදින ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨ ප්‍රධාන ක්‍රීඩාංගනයේදී සාර්ථක ලෙස නිමාවට පත් විය.

12 Mar 2018

ගංවතුර ආපදා තත්ව පෙර දැනුම් දීමේ, සහන සැළසීමේ පද්ධතියක් සහ ඒ පිළිබඳ වැඩමුළුවක් නාවික හමුදාවේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි
 

නාවික හමුදා භූ‍ගෝලීය තොරතුරු පද්ධති අංශය විසින් පසුගිය මාර්තු මස 08 වන දින රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී, එම දිස්ත්‍රික්කය ආශ්‍රිතව සිදු විය හැකි ගංවතුර ආපදා තත්ත්වයකදී නාවික හමුදාව සතු කාර්යභාර්ය මෙන්ම අනෙකුත් ආයතනයන් සමඟ සම්බන්ධීකරණය වී කටයුතු කරන ආකාරය ඇතුළත් වැඩමුළුවක් පැවැත්වූ අතර, එහිදී ආපදා තත්ත්ව පෙර දැනුම් දීමේ හා සහන සැළසීමේ ක්‍රමවේදයක් සහිත පද්ධතියක් ස්ථාපිත කිරීමට ද කටයුතු කෙරිණි.

12 Mar 2018

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායේ ඒකාබද්ධ කාර්යය මණ්ඩල මාණ්ඩලික ප්‍රධානී බටහිර නාවික විධානය භාර ආඥාපතිතුමන් හමුවෙයි
 

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායේ ඒකාබද්ධ කාර්යය මණ්ඩල මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් කට්සුටෝෂි කවානෝ මහතා ඊයේ (මාර්තු 09) බටහිර නාවික විධාන මූලස්ථානයේදී, විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය.

10 Mar 2018

ශ්‍රී ලංකා නාවික හමුදා ජල මානක සේවාව සිය ප්‍රථම නාවික සිතියම නාවික හමුදාධිපතිතුමා වෙත ප්‍රදානය කරයි
 

ශ්‍රී ලංකා නාවික හමුදා ජල මානක විද්‍යා අංශය මඟින් කච්චතිව් දූපත ආවරණය වන පරිදි සකස් කරන ලද ප්‍රථම නාවික සිතියම අද (මාර්තු 09) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදා ප්‍රධාන ජල මානක විද්‍යා නිලධාරී, රියර් අද්මිරාල් සිසිර ජයකොඩි මහතා විසින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා වෙත ප්‍රදානය කෙරිණි.

09 Mar 2018

නාවික හමුදාව විසින් රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික ආපදා මැඩපැවැත්වීම පිළිබඳ සාකච්ඡාවක් පවත්වයි
 

ශ්‍රී ලංකාවේ වරායන් ආශ්‍රිතව සිදු විය හැකි රසායනික, ජීව විද්‍යාත්මක විකිරණ හා න්‍යෂ්ටික ආපදා තත්ත්වයන් මැඩලීම සඳහා අවශ්‍යකරණ යාන්ත්‍රණ සම්බන්ධයෙන් එයට අදාල පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡාවක් පසුගිය පෙබරවාරි මස 23 වන දින නාවික හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී.

09 Mar 2018

ජ්‍යෙෂ්ඨ නාවිකයින් 30 දෙනෙකු හට පොලී රහිත ණය මුදල් ප්‍රදානය කරයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු තවත් ජ්‍යෙෂ්ඨ නාවිකයින් 30 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද (මාර්තු 09) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අතින් නාවික හමුදා මුලස්ථානයේදී සිදු කෙරුණි.

09 Mar 2018

රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා බටහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගනී
 

රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අද (මාර්තු 08) බටහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

08 Mar 2018