නාවික හමුදාධිපතිතුමන්ගේ උතුරු මැද නාවික විධාන සංචාරය
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා පසුගිය පෙබරවාරි 14 සහ 15 යන දෙදින උතුරු මැද නාවික විධානයේ සංචාරයක නිරත විය.

16 Feb 2018

මිනිස් ජාවාරම් පිළිබඳ සොයා බැලීමේ ඕස්ට්‍රේලියානු තානාපති නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
 

මිනිස් ජාවාරම් පිළිබඳ සොයා බැලීමේ ඕස්ට්‍රේලියානු තානාපති, ආචාර්ය ජෙෆ්රි ‍ශෝ මහතා අද (පෙබරවාරි 14) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා හමුවිය.

14 Feb 2018

59 වන ජාතික පිරිමි හා කාන්තා හොකී තරඟාවලියේ නාවික හමුදා ක්‍රීඩකයින් දස්කම් දක්වයි
 

පසුගිය ජනවාරි මස 16 වන දින සිට 21 වන දින දක්වා කොළඹ කෘතීම හොකී ක්‍රීඩාංගනයේ පැවති 59 වන ජාතික ජ්‍යෙෂ්ඨ පිරිමි හා කාන්තා හොකී තරඟාවලියේ ආරක්ෂක සේවා අංශය, කාන්තා සහ පිරිමි ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

12 Feb 2018

නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 3 දෙනෙකු නාවික හමුදා භාරයට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත පුද්ගලයින් පිරිසක් විසින් පසුගිය පෙබරවාරි 08 වන දින වංකාලෙයි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී නීති විරෝධී ලෙස කැස්බෑ මස් කිලෝග්‍රෑම් 13 ක් ලඟ තබා ගත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

12 Feb 2018

ජ්‍යෙෂ්ඨ නාවිකයන් 25 දෙනෙකුට පොලී රහිත ණය මුදල් පිරිනැමේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු තවත් ජ්‍යෙෂ්ඨ නාවිකයන් 25 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 5 ක් බැගින් වූ පොලී රහිත ණය මුදල් ප්‍රදානය කිරීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අතින් පසුගිය පෙබරවාරි 09 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණි.

12 Feb 2018

ඉන්දීය ධීවරයින් 3 දෙනෙකු නිදහස් කිරීමට නාවික හමුදාවේ සහාය
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළුවී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නියැලීම හේතුවෙන් පසුගිය ජනවාරි 16 වන දින නාවික හමුදා අත්අඩංගුවට පත්ව සිටි ඉන්දීය ධීවරයින් 16 දෙනා අතරින් 3 දෙනෙකු යලි එරටට භාර දීම අද (පෙබරවාරි 10) ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරිණි.

10 Feb 2018

ඩයලොග් අන්තර් සමාජ ලීග් තරඟාවලියේ නාවික හමුදාවට තවත් තියුණු ජයක්
 

ඩයලොග් අන්තර් සමාජ ලීග් තරඟාවලියේ නාවික හමුදා සහ ගුවන් හමුදා පිල අතර තවත් එක් තරඟයක් ඊයේ (‍පෙබරවාරි 09) රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩා පිටියේදී පැවැත්වුණු අතර, එහිදී ගුවන් හමුදා කණ්ඩායම පරාජය කරමින් ලකුණු 50 - 28 ක් වශයෙන් නාවික හමුදා කණ්ඩායම සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් විය.

10 Feb 2018

ඉඳුරාම බඳවා ගත් නිලධාරීන් 3 දෙනෙකු විසිර යයි
 

2017 වර්ෂයේ දෙවන ඉඳුරාම බඳවා ‍ගැනීමට අයත් නැව්බඳ ඉංජිනේරු හා වාදක අංශයට අයත් නිලධාරීන් තිදෙනෙකු පුරා මාස හතකට ආසන්න කාලයක් තම න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණුව සාර්ථකව අවසන් කර ඊයේ (පෙබරවාරි 09) දින ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේදී විසිර යන ලදී.

10 Feb 2018

ත්‍රිකුණාමල කථිකාව සාගරික සම්මන්ත්‍රණය 2018 - සාර්ථක ලෙස නිමාවට පත් වෙයි
 

ත්‍රිකුණාමල කථිකාව සාගරික සම්මන්ත්‍රණයේ 7 වන අධියර, පසුගිය පෙබරවාරි මස 06 වන වන දින නාවික හා සාගරික විද්‍යාපීඨ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී සාර්ථක ලෙස නිමාවට පත් කෙරිණි.

10 Feb 2018

නැගෙනහිර නාවික විධානය ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වයි
 

ත්‍රිකුණාමලය මහ රෝහලේ රුධිර බැංකු අංශය භාර නිලධාරී විසින් වැඩබලන කොමදෝරු අධිකාරී සෞඛ්‍ය (නැගෙනහිර) වෙතින් සිදු කළ ඉල්ලීමකට අනුව සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් ඊයේ (පෙබරවාරි 08) නැගෙනහිර නාවික විධාන රෝහල් පරිශ්‍රයේදී සිදු කෙරිණි.

09 Feb 2018