නීති විරෝධී ලෙස මසුන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන්, ත්‍රිකුණාමලය පොලීසියේ නිලධාරීන් සහ ත්‍රිකුණාමලය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (ජනවාරි 24) සිදු කළ වැටලීමකදී නීති විරෝධී ලෙස අල්ලා ප්‍රවාහනය කරමින් තිබූ මසුන් කිලෝග්‍රෑම් 300 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

25 Jan 2018

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් සහ වේග ප්‍රහාරක යාත්‍රාවක් මඟින් ඊයේ (ජනවාරි 24) ඩෙල්ෆ්ට් දූපතට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 2 ක් අත්අඩංගුවට ගෙන ඇත.

25 Jan 2018

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට
 

ගිණිකොන නාවික විධානය‍ට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජනවාරි 23) කොමාරි මුහුදු ප්‍රදේශයේදී වලංගු ධීවර බලපත්‍ර රහිතව නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත විදේශිකයින් දෙදෙනෙකු සහ ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

24 Jan 2018

නාවික හමුදාව විසින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 110 ක් සොයා ගනී
 

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (ජනවාරි 23) මරදන්කේනි, තලෙයිඅඩි වෙරළ තීරයට ආසන්න වන ලැහැබක සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 110 ක් සොයා ගැනීමට සමත් විය.

24 Jan 2018

තිළිණ මල්ල ජයග්‍රාහකයින් හට ත්‍යාග ප්‍රදානය කෙරේ
 

වාර්ෂිකව දිනුම් අදිනු ලබන නිත්‍ය සහ ස්වේච්ඡා නාවික යහසාධක අරමුදලේ “තිළිණ මල්ල” ජයග්‍රාහකයින් වෙත ත්‍යාග ප්‍රදානය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (ජනවාරි 22) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ ප්‍රදීපාගාර ප්‍රිය සම්භාෂණ ශාලාවේදී පැවැත්විණි.

22 Jan 2018

නීති විරෝධී කටයුතු වල නිරත වු පුද්ගලයින් 08 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය.

22 Jan 2018

නේපාල යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් රජේන්ද්‍ර චෙත්‍රි මහතා නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

දින පහක නිල සංචාරයක් සඳහා ඊයේ (ජනවාරි 18) දිවයිනට පැමිණි නේපාල යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් රජේන්ද්‍ර චෙත්‍රි මහතා ඇතුළු දූත පිරිස අද නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

19 Jan 2018

ලුතිනන් කොමාණ්ඩර් (ජලමානක) නුවන් ‍හේවාහක්මන‍ගේ ශ්‍රිලංනා‍‍නෞ රණගඡ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගොඩබෑමේ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා රණගඡ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (ජලමානක) නුවන් ‍හේවාහක්මන‍ගේ මහතා අද (ජනවාරි 19) වැඩ භාර ගන්නා ලදී.

19 Jan 2018

කැනඩා මහකොමසාරිස්තුමා නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් අතිගරු ඩේවිඩ් මැකිනොන් මහතා අද (ජනවාරි 19) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති, රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා හමුවිය.

19 Jan 2018

නාවික හමුදාධිපතිතුමා ස්වේච්ඡා නාවික බල හමුදාවේ වාර්ෂික අංශ පිරික්සුම සිදු කරයි
 

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික බල හමුදාවේ වාර්ෂික අංශ පිරික්සුම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (ජනවාරි 18) දින වැලිසර ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික බල හමුදා මුලස්ථා‍නයේදී පැවැත්විණි.

18 Jan 2018