නාවික හමුදාධිපතිතුමන් ඉන්දියාවේ කොචිහි පිහිටි දකුණු නාවික විධාන මුලස්ථානයේ සංචාරයක නිරත වේ
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා පසුගිය දෙසැම්බර් මස 20 වන දින සිට 23 වන දින දක්වා ඉන්දියාවේ කොචිහි පිහිටි දකුණු නාවික විධානයේ සිව් දින නිළ සංචාරයක නිරත වන ලදි.

24 Dec 2017

නීති විරෝධී කටයුතු වල නිරත වු පුද්ගලයින් 04 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.

24 Dec 2017

දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් පස්දෙනෙකු බේරා ගැනීමට නාවික හමුදා සහාය
 

කළුතර පොලිසිය මගින් සිදු කළ දැනුම් දීමකට අනුව නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට (4RU) අනුයුක්ත ජීවිතාරක්ෂක කණ්ඩායමේ නාවිකයින් පිරිසක් විසින් පසුගිය දෙසැම්බර් 22 වන දින කළු ග‍ඟේ ඔරු පැදීමට යාමේදී ඔරුව පෙරලි දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් පස්දෙනෙකු බේරා ගැනීමට සමත් වි ඇත.

24 Dec 2017

අසාධ්‍ය රෝගියෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය
 

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මගින් සිදු කළ දැනුම් දීමකට අනුව බහුදින ධීවර යාත්‍රාවක සිටි අසාධ්‍ය රෝගියෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව ඊයේ (දෙසැම්බර් 22) කටයුතු කරන ලදී.

23 Dec 2017

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායේ ‘සෙටොගිරි’ නෞකාව ත්‍රිකුණාමලය වරායෙන් පිටත්ව යයි
 

පසුගිය දෙසැම්බර් 20 දින ත්‍රිකුණාමලය වාරයට සේන්දු වූ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් (JMSDF) ‘සෙටොගිරි’ නෞකාව ඊයේ (දෙසැම්බර් 22) දින සිය තෙදින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් ත්‍රිකුණාමලය වරායෙන් පිටත් විය.

23 Dec 2017

66 වන ජාතික හා ප්‍රවිණයන්ගේ ජීවිතාරක්ෂක තරඟාවලියේ නාවික හමුදාවට ජයග්‍රහණ රැසක්
 

66 වන ජාතික සහ ප්‍රවීණයන්ගේ ජීවිතාරක්ෂක තරඟාවලිය 2017 පසුගිය දෙසැම්බර් මස 20 සහ 21 යන දෙදින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පිහිණුම් තඨාකයේ සහ ගල්කිස්ස මුහුදු ‍තීරයේදී පැවැත්වූ අතර, එහිදී ජයග්‍රහණ රැසක් අත් කර ගැනීමට නාවික හමුදාවට හැකි විය.

22 Dec 2017

සෙටොගිරි නෞකාවේ කාර්යය මණ්ඩලයෙන් ත්‍රිකුණාමලය වෙරළ තීරය පිරිසිදු කිරීමට සහාය
 

සුහද සංචාරයක් සඳහා පසුගිය දෙසැම්බර් 20 වන දින දිවයිනට පැමිණි ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් (JMSDF) සෙටොගිරි නෞකාවේ කාර්යය මණ්ඩලය සහ නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් ඊයේ (දෙසැම්බර් 21) ත්‍රිකුණාමලය වෙරළ තීරය පිරිසිදු කරන ලදී.

22 Dec 2017

අන්තර් නෞකා/යාත්‍රා, සංඥා, කඹ හා ගැට තරඟාවලිය 2017
 

නාවික දියත් විධානය විසින් සංවිධානය කරන ලද අන්තර් නෞකා/යාත්‍රා, සංඥා, කඹ හා ගැට තරඟාවලිය - 2017 පසුගිය දෙසැම්බර් 20 වන දින ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

22 Dec 2017

සාර්ථක සංචාරයකින් අනතුරුව ඉන්දියානු නාවික නෞකා ‘සුට්ලෙජ්’ දිවයිනෙන් පිටත්ව යයි
 

ශ්‍රී ලංකාව අවට මුහුදු සීමාව සිතියම් ගත කිරීමේ එකාබද්ධ වැඩසටහනට සහභාගීවිම සඳහා පසුගිය ඔක්තෝබර් මස 26 වන දින කොළඹ වරායට සේන්දු වූ ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘සුට්ලෙජ්’ නෞකාව එම කාර්යයන් සාර්ථක ලෙස නිමා කරමින් අද (දෙසැම්බර් 21) දිවයිනෙන් පිටත් විය.

21 Dec 2017

67 වන නාවික දින සැමරුම නිමිත්තෙන් පරාක්‍රම ආයතනයේ ලේ දන්දීමේ වැඩසටහනක්
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 67 වන නාවික දින සැමරුමට සමගාමීව ඊයේ (දෙසැම්බර් 20) කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී ලේ දන් දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.

21 Dec 2017