නීති විරෝධී ලෙස අකුණු සන්නායක තහඩු 4 අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවේ සහාය
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් සහ පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ සෝදිසි මෙහෙයුමකදී අද (අගෝස්තු 22) පෞරාණික වටිනාකමකින් යුත් අකුණු සන්නායක තඹ තහඩු 4 ක් සමග පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

23 Aug 2017

අභිනව නාවික හමුදාධිපති අතිගරු ජනාධිපතිතුමන් බැහැදකී
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (අගෝස්තු 22) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය. නාවික හමුදාධිපතිතුමන් වශයෙන් වැඩ භාර ගැනීමෙන් අනතුරුව වයිස් අද්මිරාල් සින්නයියා මහතා, ප්‍රථමයෙන්ම අතිගරු ජනාධිපතිතුමන් බැහැ දැකීමට පියවර ගෙන ඇත.

22 Aug 2017

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21 වන නාවික හමුදාධිපති ලෙස වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා වැඩ භාර ගනී
 

සන්නද්ධ හමුදා සේනාධිනායක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා වයිස් අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව නාවික හමුදාවේ 21 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත් කොට ඇත.

22 Aug 2017

අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස වැඩ භාර ගනී
 

සන්නද්ධ හමුදා සේනාධිනායක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව, අගෝස්තු මස 22 වන දින සිට නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත් කොට ඇත.

22 Aug 2017

නිතී විරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (අගෝස්තු 21) කල්පිටිය, ඔඩක්කරතිව්, සින්න එරුමතිව් මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

22 Aug 2017

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බළකා අමගිරි නෞකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දකුණු නාවික විධානය භාර ආඥාපතිතුමන් හමුවෙයි
 

සුහද සංචාරයක් සඳහා අද (අගෝස්තු 21) හම්බන්තොට වරායට සේන්දු වූ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බළකායට අයත් ‘අමගිරි’ නෞකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දකුණු නාවික විධාන මූලස්ථානයේදී විධාන ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය.

21 Aug 2017

මාරාන්තික නොවන ආයුධ පිළිබඳ විධායක සම්මන්ත්‍රණය (NOLES) 2017 වැලිසර දී ආරම්භ වෙයි
 

ඇ‍මරිකා එක්සත් ජනපද පැසිෆික් විධානය විසින් සංවිධානය කරනු ලබන ප්‍රධාන පෙලේ බහු පාර්ශ්වීය ආරක්ෂක සහයෝගිතා වැඩසටහනක් වන මාරාන්තික නොවන ආයුධ පිළිබඳ විධායක සම්මන්ත්‍රණය (NOLES) 2017 සහ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී අද (අගෝස්තු 21) ආරම්භ විය.

21 Aug 2017

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බළකායේ අමගිරි නෞකාව හම්බන්තොට වරායට
 

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බළකායට අයත් ‘අමගිරි’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (අගෝස්තු 21) හම්බන්තොට වරායට සේන්දු විය.

21 Aug 2017

‘අපි වෙනුවෙන් අපි’ නිවාස ව්‍යාපෘතිය මගින් තවත් රණවිරු පවුලක් වෙත නව නිවසක්
 

අපි වෙනුවෙන් අපි රණවිරු නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදි කරන ලද තවත් නව නිවසක් අද (අගෝස්තු 20) නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අතින් ප්‍රධාන සුළු නිලධාරී ඩීකේජීඑස් විජේසිරි වෙත ප්‍රදානය කෙරිණි.

20 Aug 2017

අසාධ්‍ය රෝගියෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය
 

දකුණු නාවික විධානයට අනුයුක්ත ශ්‍රී ලංකා නාවික ‍නෞකා ජයසාගර නෞකාවේ රාජකාරී නියුතු නාවිකයන් පිරිසක් විසින් අද (අගෝස්තු 20) බහුදින ධීවර යාත්‍රාවක සිටි අසාධ්‍ය රෝගියෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට සමත් විය.

20 Aug 2017