නීති විරෝධී ලෙස අල්ලන ලද මෝර වරල් සහ මුහුදු කූඩැල්ලන් තොගයක් නාවික හමුදා අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ වංකාලේ පොලිසිට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව අද (ජුලි 04) උදෑසන සිදු කළ මෙහෙයුමකදි මුහුදු කූඩැල්ලන් සහ මෝර වරල් ජාවරම්හි නිරතව සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට හැකි විය.

04 Jul 2017

තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් ස්ථාපිත කෙරේ
 

නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයේ ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය අද (3) සිසු අයිතියට පත් කරන ලදී.

03 Jul 2017

‘Higlander’s කුසලාන ‍ගොල්ෆ් තරඟාවලියේ ප්‍රධාන ආරාධිතයෙකු වශයෙන් නාවික හමුදාධිපතිතුමන් සහභාගී වෙයි
 

ශ්‍රී ලංකා යුද හමුදාව මගින් සංවිධානය කරන ලද Higlander’s කුසලාන ‍ගොල්ෆ් තරඟාවලිය ඊයේ (2), දියතලාව ගොල්ෆ් ක්‍රීඩාංගනයේදී පැවැත්වූ අතර, එහි ප්‍රධාන ආරාධිතයෙකු වශයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ද සහභාගී විය.

03 Jul 2017

‘LITRO Cup’ ජාතික බේස්බෝල් තරඟාවලියේ ජයග්‍රහණය නාවික හමුදාවට
 

‘LITRO Cup’ ජාතික බේස්බෝල් තරඟාවලියේ අවසන් මහා තරඟය ලකුණු 17 – 6 ක් වශයෙන් මහනුවර රණබිර රාජකීය ක්‍රීඩා සමාජය පරාජය කරමින්, ශ්‍රී ලංකා නාවික හමුදා බේස්බෝල් කණ්ඩායම එහි ශූරතාවය දිනා ගැනීමට ඊයේ (2) සමත් විය.

03 Jul 2017

තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිවිල් ජනතාවගේ සුභසිද්ධිය උදෙසා විවිධ ප්‍රජා සේවාවන් රැසක් සිදුකරමින් පවතී.

02 Jul 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජූලි 1) මන්නාරමට උතුරින් වූ වැලිපර 4 මුහුදු ප්‍රදේශයේදී, තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

02 Jul 2017

නීති වි‍‍‍‍‍‍‍රෝධී ධීවර කටයුතුවල නිරතවු පුද්ගලයින් 8 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (01) ත්‍රිකුණාමලය ‍නෝර්වේ දුපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී නීති වි‍රෝධී තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

01 Jul 2017

මහනුවර ශික්ෂණ රෝහලේ වකුගඩු රෝග ශල්‍ය ඒකකය වෙත නාවික හමුදාව විසින් අති පවිත්‍ර ජල පිරිපහදු යන්ත්‍රයක් ස්ථාපිත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරනු ලබයි.

01 Jul 2017

නීති වි‍‍‍‍‍‍‍රෝධී ධීවර කටයුතුවල නිරතවු පුද්ගලයින් 7 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (30) ත්‍රිකුණාමලය ‍නෝර්වේ දුපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති වි‍රෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

01 Jul 2017

තැලසීමියා කවයේ නියෝජිතයින් පිරිසක් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

අසරණ තැලසීමියා රෝගීන් වෙනුවෙන් ක්‍රියාත්මක වන තැලසීමියා කවයේ නියෝජිතයින් කණ්ඩායමක් ඊයේ (29) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

01 Jul 2017