විදේශ කටයුතු අමාත්‍යතුමා ඇමෙරිකානු නාවික හමුදාවේ ‘ලේක් ඊරි’ නෞකාවේ සංචාරයක නිරත වේ
 

ඇමෙරිකානු නාවික හමුදාවට අයත් ‘ලේක් ඊරි’ යුද නෞකාව පසුගිය ජූනි 11 වන දින කොළඹ වරායට සේන්දු වූ අතර එහි කාර්ය මණ්ඩලය පශ්චාත් සහන සැලසීමේ මෙහෙයුම් සඳහා දායක විය.

16 Jun 2017

රත්නපුර, අයගම පාලම ජනතා අයිතියට පත් කෙරේ
 

පසුගිය දිනවල ඇති වූ ගංවතුර තත්ත්වය හමුවේ විනාශ වූ රත්නපුර, අයගම ප්‍රදේශයේ මැද ගලතුර ග්‍රාම නිලධාරි වසමේ පිහිටි කවිට්ටිගොඩ, වැලමීරිය සංගිලි පාලම ප්‍රතිසංස්කරණය කර, අද (ජූනි 16) උත්සවාකාරයෙන් ජනතා අයිතියට පත් කරන ලදි.

16 Jun 2017

නාවික හමුදා මැරීන් භටයින් එක්සත් ජනපද නාවික හමුදාවත් සමග පශ්චාත් ආපදා සහන කටයුතුවල
 

එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ලේක් ඊරි යුද නෞකාවෙන් පැමිණි නාවික පුද්ගලයින් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් නාවිකයින් සමග එක්ව බස්නාහිර හා දකුණු පළාත් වල ආපදාවට ලක් වූ ජනතාව වෙනුවෙන් මානුෂීය උපකාර කටයුතු වල නිරත වෙමින් සිටි.

16 Jun 2017

වේදනා නාශක ඖෂධ තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ පෑළියගොඩ පොලීසිය එක්ව සිදු කළ වැටලීමකදී ඊයේ (15) රාගම, පේරලන්ද ප්‍රදේශයේදී වේදනා නාශක ඖෂධ පෙති 1000 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදි.

16 Jun 2017

කේරළ ගංජා කිලෝග්‍රෑම් 142 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් සහ මන්නාරම දිසා මත්ද්‍රව්‍ය නාශක කාර්යාලයේ සහය ඇතිව සිලාවතුර, කරදක්කුලිය, මරිච්චිකට්ටි වෙරළ තීරයේ සිදු කරන ලද වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 142 ක් සමඟ පුද්ගලයෙකු අද (ජූනි 16) උදෑසන අත්අඩංගුවට ගන්නා ලදී.

16 Jun 2017

නාවික හමුදා මැරීන් භටයින්, එක්සත් ජනපද නාවික හමුදාවත් සමඟ ආපදා සහන කටයුතු වල
 

එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ලේක් ඊරි නෞකාවෙන් පැමිණි නාවික පුද්ගලයින් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බළකාය‍ට අයත් නාවිකයන් සමග එක්ව ඊයේ (ජුනි 15) ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක වල මානුෂීය උපකාර සහ ආපදා සහන කටයුතුවල නිරත වූහ.

16 Jun 2017

ආපදාවකට ලක් වූ ධීවර යාත්‍රාවක් ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය
 

ආපදාවකට ලක්ව උතුරු මුහුදේ අතරමංව තිබූ ‘සුදීප’ නැමති ධීවර යාත්‍රාව නිරුපද්‍රිතව යළි ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව අද (ජුනි 15) සහාය විය.

15 Jun 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ ධීවරයින් 13 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (14) ත්‍රිකුණාමලය, ඇතුළත වරායේ ෆිෂමන් රොක් ආසන්න මුහුදු ප්‍රදේශයේදී කරන ලද මුහුදු සංචාරයකදී නීති විරෝධි ලෙස තහනම් දැල් යොදා ගනිමින් ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

15 Jun 2017

බලනැවි සිඑස් වීරක්කොඩි නාවිකයාගේ පවුලේ සාමාජිකයින් වෙත ‘නැවිරු සවියෙන්’ රු. මිලියනයක රක්ෂණ වන්දියක්
 

ශ්‍රී ලංකා නාවික හමුදා රාජකාරි‍යේ නිරතව සිටියදී හදිසි රිය අනතුරකින් වියෝ වූ බලනැවි සිඑස් වීරක්කොඩි යන නාවිකයා වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් රුපියල් මිලියනයක රක්ෂණ වන්දි මුදලක් ප්‍රදානය කරන ලදී.

15 Jun 2017

ශ්‍රී ලංකා සංචාරය නිමාකළ පාකිස්ථානු නාවික හමුදාධිපතිතුමන් සිය රට බලා පිටත් වෙයි
 

ශ්‍රී ලංකා සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් පාකිස්ථානු නාවික හමුදාධිපති අද්මිරාල් මොහොමඩ් සකාඋල්ලා මහතා අද (ජූනි14), බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් පාකිස්ථානය බලා පිටත් විය.

14 Jun 2017