නාවික හමුදා පළමු ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානය වැලිසරදී විවෘත ‍වේ
 

නාවික හමුදාධිපති තුමාගේ සංකල්පයකට අනුව ගංවතුර ඇතුළු ස්භාවික ආපදාවන්ට ලක්වී පීඩාවට පත් ජනතාවට සහන සැලසීම අරමුණු කොට,ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානයක් වැලිසර ගැමුණු ආයතනයේ ස්ථාපිත කරන ලදී.

25 Jun 2017

අන්තර් විධාන පිරිමි සහ කාන්තා පැසිපන්දු තරඟාවලියේ ජයග්‍රහණය බටහිර නාවික විධානයට
 

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන පැසිපන්දු තරඟාවලිය - 2017, පසුගිය ජුනි මස 18 දින සිට 22 දින දක්වා ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේදී පවත්වන ලදී.

25 Jun 2017

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන් 2 ක් මගින් ඊයේ (24) රාත්‍රී, තහනම් පන්න ක්‍රමයක් වන පතුල මත ඇදගෙය යාමේ පන්න ක්‍රමය (බොටම් ට්‍රෝලිං) මගින් නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමේ කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 2 ක් අත්අඩංගුවට ගෙන ඇත.

25 Jun 2017

කේරළ ගංජා කිලෝග්‍රෑම් 135 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් සහ මන්නාරම මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිලධාරීන් පිරිසක් එක්ව අද (ජූනි 24) රාත්‍රියේ සිදු කරන ලද වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 135 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන ඇත.

25 Jun 2017

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 6 දෙනෙකු අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් මගින් අද (24) සවස, තහනම් පන්න ක්‍රමයක් වන පතුල මත ඇදගෙය යාමේ පන්න ක්‍රමය (බොටම් ට්‍රෝලිං) මගින් නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමේ කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 6 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇත.

25 Jun 2017

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් මගින් අද (23) රාත්‍රියේ, තහනම් පන්න ක්‍රමයක් වන පතුල මත ඇදගෙය යාමේ පන්න ක්‍රමය (බොටම් ට්‍රෝලිං) මගින් මසුන් ඇල්ලීමේ කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇත.

24 Jun 2017

ශ්‍රී ලංකා ජාතික වෙරළ කබඩි තරඟාවලියේ ජයග්‍රහණය නාවික හමුදාවට
 

තංගල්ල, වෙරළ තීරයේ පැවති 2017 ශ්‍රී ලංකා ජාතික වෙරළ කබඩි තරඟාවලියේ සුපර් ලීග් තරග වටයේ ජයග්‍රහණය අත් කර ගැනීමට නාවික හමුදා කාන්තා කබඩි කණ්ඩායම ඊයේ (23) සමත් විය.

24 Jun 2017

නික්ම යාමට නියමිත ශ්‍රී ලංකාවේ පාකිස්ථානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ පාකිස්ථානු මහ ‍කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කල කර්නල් ඉර්ෂාඩ් කාන් මහතා අද දින (ජුනි 23) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමු විය.

23 Jun 2017

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු අත්අඩංගුවට
 

ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් වේග ප්‍රහාරක යාත්‍රා 2 ක් මගින් තහනම් පන්න ක්‍රමයක් වන පතුල මත ඇදගෙන යාමේ පන්න ක්‍රමය (බොටම් ට්‍රෝලිං) මගින් මසුන් ඇල්ලීමේ නිරත වූ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු සහ යාත්‍රා 2 ක් අද (22,ජුනි) අත්අඩංගුවට ගෙන ඇත.

22 Jun 2017

ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරින් සත් දෙ‍නෙකු ඉන්දියානු නාවික හමුදා ඩෝනියර් ගුවන් යානා පුහුණුවක
 

ඉන්දියානු නාවික හමුදාවට අයත් ඩෝනියර් වර්ගයේ ගුවන් යානා 02 ක් පසුගිය (19) දින ලංකාවට පැමිණි අතර නාවික හා ගුවන් හමුදාවට අයත් නිලධාරින් මෙහිදී පුහුණුවක් සඳහා සහභාගි විය.

22 Jun 2017