ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන දෙවන අධි තාක්ෂණික නෞකාව දියත් කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉන්දියාවේ ‍ගෝවා නැව් තඨාකංගනයේ නිෂ්පාදනය කරමින් පවතින දෙවන අධි තාක්ෂණික නෞකාව නිළ වශයෙන් දියත් කිරීම පසු ගිය (2) වන දින සිදු කරන ලදී.

04 May 2017

රියර් අද්මිරාල් වසන්ත ප්‍රනාන්දු නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
 

අධ්‍යක්ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් වසන්ත ප්‍රනාන්දු මහතා සිය 35 වසරක සේවය නිමා කරමින් අද (4) දින විශ්‍රාම යන ලදී.

04 May 2017

‘සයුරුසර’ සඟරාවේ 32 වන කලාපය එළිදකී
 

නාවික පුද්ගලයින්ගේ නිර්මාණ වලින් සමන්විත වූ ‘සයුරුසර’ සඟරාවේ 32 වන කලාපය එහි ප්‍රධාන සංස්කාරක ලුතිනන් කොමාණ්ඩර් රුවන් ප්‍රේමවීර මහතා විසින් අද (4) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත පිළිගැන්විණි.

04 May 2017

පාකිස්තානු නාවික හමුදාවට අයත් ‘සුල්ෆිකර්’ නෞකාව කොළඹ වරායට සේන්දු වේ
 

සුහද සංචාරයක් සඳහා පැමිණි පාකිස්තානු නාවික හමුදාවට අයත් ‘සුල්ෆිකර්’ නෞකාව අද (4) කොළඹ වරායට සේන්දු විය.

04 May 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 7 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ මන්නාරම, සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (2) පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින්නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 7 දෙනෙකු මන්නාරම සවුත්බාර් මුහුදු ප්‍රදේශයේදී, අත්අඩංගුවට ගන්නා ලදී.

03 May 2017

සුහද සංචාරයක් සඳහා පකිස්තාන නාවික හමුදාවට අයත් දාෂ්ට් නෞකාව කොළඹ වරායට
 

පාකිස්තානු නාවික හමුදාවට අයත් සමුද්‍රී ආරක්ෂක නෞකාවක් වන “දාෂ්ට්” නෞකාව අද (3) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය.

03 May 2017

කේරළ ගංජා කිලෝග්‍රෑම් 200 ක් සමග පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් කල්පිටිය පොලිසීයේ සහය ඇතිව සිදු කරන ලද සෝදිසී කිරීමකදී ඇසුරුම් හතක බහාලන ලද කේරළ ගංජා කිලෝග්‍රෑම් 200 ක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු අද (2) අත්අඩංගුවට ගන්නා ලදී.

02 May 2017

හෙරොයින් මිලිග්‍රෑම් 250 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් මත වෙරළාරක්ෂ බළකායේ නාවිකයින් පිරිසක් සහ කොටවිල පොලීසියේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ සෝදිසි කිරීමකදී ඊයේ (1) උඩුපිල, මිරිස්ස ප්‍රදේශයේදී හෙරොයින් මිලිග්‍රෑම් 250 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

02 May 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් විසින් අද (1) උදෑසන මන්නාරමට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු සහ ඔවුන්ට අයත් කුඩා යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලදී.

01 May 2017

තුවාල ලැබු ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය
 

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකාය මගින් සිදු කළ දැනුම් දීමකට අනුව බහුදින ධීවර යාත්‍රාවක සිටි තුවාල ලැබු ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව අද (01) කටයුතු කරන ලදී.

01 May 2017