නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතයට ජයග්‍රහණ රැසක්
 

කොළඹ රාජකීය රුවල් යාත්‍රා සමාජය මගින් සංවිධානය කරන ලද Trinco Blu by Cinnamon Sailing Championship - 2017 රුවල් ඔරු තරඟාවලිය පසු ගිය 12 සහ 13 යන දෙදින ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයේ දී පැවැත්විය.

16 May 2017

ඕමාන් රාජකීය නාවික හමුදාවේ තාක්ෂණික ශිල්පීන් සඳහා පැවැත් වූ උසස් ඩිප්ලෝමා පුහුණු පාඨමාලාවේ සහතික පත් ප්‍රදානය කෙරේ
 

ඕමාන් රාජකීය නාවික හමුදාවේ තාක්ෂණික ශිල්පී III වන කණ්ඩායම සඳහා වූ නෞකා පද්ධති නඩත්තු කිරීම පිළිබඳ උසස් ඩිප්ලෝමා පුහුණු පාඨමා‍ලාවේ සහතික පත් ප්‍රදානය පසුගිය 12 වන දින ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

16 May 2017

සිංගප්පූරු ජනපතිතුමන් ශ්‍රීලංනානෞ සාගර සහ නන්දිමිත්‍ර නෞකාවන් පිරික්සයි
 

සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මුහුදු ආරක්ෂක ප්‍රදර්ශනයට සහභාගීවීම සඳහා පිටත්ව එරට චාන්ගි වරායේ නවතා තිබෙන ශ්‍රී ලංකා නාවික නෞකා සාගර සහ නන්දිමිත්‍ර යන නෞකාවන් අද (16) සිංගප්පූරු ජනාධිපති, අතිගරු ටෝනි ටෑන් මැතිතුමන් ගේ පිරික්සීමට ලක් විය.

15 May 2017

ශ්‍රීලංනානෞ සාගර සහ නන්දිමිත්‍ර නෞකාවන් චාන්ගි වරායට සේන්දු වෙයි
 

සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මුහුදු ආරක්ෂක ප්‍රදර්ශනයට සහභාගීවීම සඳහා පසුගිය 5 වන දින කොළඹ වරායෙන් පිටත් වූ ශ්‍රී ලංකා නාවික නෞකා සාගර සහ නන්දිමිත්‍ර යන නෞකාවන් ඊයේ (12) සිංග්පූරුවේ චාන්ගි වරායට සේන්දු විය.

13 May 2017

වේදනා නාශක ඖෂධ තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ පෑළියගොඩ පොලිස් විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී අද (13) පස්වරු 1300 පැයට වත්තල, මාබෝල ප්‍රදේශයේදී වේදනා නාශක ඖෂධ පෙති 400 ක් සමග පුද්ගලයන් දෙදෙ‍නෙකු අත්අඩංගුවට ගන්නා ලදි.

13 May 2017

ගංඟාරම විහාරස්ථානයේ බුද්ධ රශ්මි වෙසක් කලාපයේ දෙවන දිනය ආලෝකමත් කිරීමට නාවික හමුදාධිපතිතුමා එක් වෙයි
 

2017 අන්තර්ජාතික වෙසක් උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ ඉන්දීය අග්‍රාමාත්‍ය ගරු, නරේන්ද්‍ර සිං මෝදි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහභාගීත්වයෙන් ඊයේ (11) හුණුපිටිය, ගංගාරාම විහාරස්ථ සීමාමාලක පරිශ්‍රයේදී බුද්ධ රශ්මි වෙසක් කලාපය විවෘත කෙරුණි.

12 May 2017

ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ ජල මානක සමීක්ෂණය නිමා කරමින් නාවික සිතියම් 2 ක් නාවික හමුදාධිපතිතුමා හට භාර දෙයි
 

කොළඹ සිට සංගමන්කන්ද දක්වා වෙරළ තීරය ආවරණය වන පිරිදි ඉන්දියානු නාවික හමුදා ජල මානක දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා නාවික හමුදා ජල මානක අංශය විසින් සිදු කරන ලද ඒකාබද්ධ ජල මානක සමීක්ෂණය සාර්ථක ලෙස නිමාවට පත් විය.

12 May 2017

නාවික හමුදාව විසින් කෝටි නවයක් (9) වටිනා හෙරොයින් තොගයක් මුහුදෙන් සොයා ගනී
 

කන්කසන්තුරය වරායට නාවික සැතපුම් 8 ක් පමණ උතුරින් මුහුදේ පාවෙමින් තිබූ කිලෝ ග්‍රෑම් 9.3 ක් බරැති හෙරොයින් තොගයක් සොයා ගැනීමට නාවික හමුදා වෙරළාරක්ෂක බලකායේ රාජකාරි කළ නාවික පුද්ගලයින් අද (12) සමත් වී ඇත.

12 May 2017

අන්තර්ජාතික වෙසක් දින සැමරුමේ විශේෂ අවස්ථාවන් සඳහා නාවික හමුදාධිපතිතුමන් සහභාගී වෙයි
 

මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 2017 අන්තර්ජාතික වෙසක් උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ ඉන්දීය අග්‍රාමාත්‍ය ගරු, නරේන්ද්‍ර සිං මෝදි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහභාගීත්වයෙන් ඊයේ (11) කොළඹ, හුණුපිටිය, ගංගාරාම විහාරස්ථ සීමාමාලක පරිශ්‍රයේ බුද්ධ රශ්මි වෙසක් කලාපය උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.

12 May 2017

උතුරු නාවික විධානය එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය අභිමානයෙන් සමරයි
 

අන්තර්ජාතික වෙසක් දින ‍උළෙලට සමගාමීව උතුරු නාවික විධානය විසින් ආගමික ක්‍රියාකාරකම් රැසක් සංවිධානය කොට තිබුණි.

12 May 2017