28 වන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව සයුර නෞකාවේදී පවත්වයි
 

ශ්‍රී ලංකා - ඉන්දීය නාවික හමුදා නියෝජිතයින් අතර වාර්ෂිකව පවත්වනු ලබන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව අද (19) කන්කසන්තුරයට උතුරින් වූ ඉන්දු ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව තුළ පවත්වන ලදී.

19 May 2017

නාවික රණවිරු සැමරුම නාවික හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් වැලිසර දී
 

අදට යෙදී ඇති ජාතික රණවිරු සැමරුම් උළෙලට සමගාමීව සටනේදී දිවි පිදූ නාවික රණවිරුවන් සිහිපත් කිරීම සහ පුෂ්පෝහාර දැක්වීම අද (19) උදෑසන 0900 පැයට වැලිසර පිහිටි රණවිරු ස්මාරකය අභියස දී සිදු කෙරුණි.

19 May 2017

නාවිකයන් හට නිවාස පරිත්‍යාග කිරීම නාවික හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්
 

නිවාස නොමැති නාවිකයන් දෙදෙනෙකු හට නිවාස ලබා දීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) සිදු කෙරිණි.

18 May 2017

ශ්‍රීලංනානෞ සාගර සහ නන්දිමිත්‍ර නෞකාවන් ජාත්‍යන්තර මුහුදු ආරක්ෂක ප්‍රදර්ශණය සඳහා සහභාගී වෙයි
 

ශ්‍රී ලංකා නාවික නෞකා සාගර සහ නන්දිමිත්‍ර නෞකාවන් ඊයේ (17) සිංගප්පූරුවේ පැවති ජාත්‍යන්තර මුහුදු ආරක්ෂක ප්‍රදර්ශනය සඳහා සහභාගී විය.

18 May 2017

නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය ලඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් සිදු කළ සෝදිසි කිරීමකදී ඊයේ (17) නිලාවේලි, එරක්කන්ඩි ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය ලඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

18 May 2017

එක්සත් ජනපද සහ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් අතර දෙවන මාණ්ඩලික සාකච්ඡාව කොළඹදී
 

ඇමරිකානු නාවික හමුදාවේ 7 වන නෞකා දියත් විධානයේ උසස් නිලධාරීන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ උසස් නිලධාරීන් අතර පැවැත්වූ දෙවන මාණ්ඩලික සාකච්ඡාව ඊයේ (16) සහ අද (17) නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

17 May 2017

නීති වි‍‍‍‍‍‍‍රෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 8 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (16) ත්‍රිකුණාමලය ‍නෝර්වේ දුපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් යොදා ගනිමින් නීති වි‍රෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වු ලාංකික ධීවරයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

17 May 2017

ඕස්ට්‍රේලියානු ‘ඕෂන් ශීල්ඩ්’ නෞකාවේ පිළිගැනීමේ උත්සවයක්
 

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඕස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂක නෞකාවක් වන ඕෂන් ශීල්ඩ් නෞකාවේදී ඊයේ (16) උණුසුම් පිළිගැනීමේ උත්සවයක් පැවැත්විණි.

17 May 2017

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර සමුද්‍රිය ආරක්ෂක රාජකාරී පහසුකම් සැපයීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ
 

ශ්‍රී ලංකා රජය සහ නෙදර්ලන්ත රජය විසින් සමුද්‍රීය ආරක්ෂක රාජකාරී පහසුකම් සැපයීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද (16) ආරක්ෂක අමාත්‍යංශයේදී සිදු කෙරුණි.

16 May 2017

ඕස්ට්‍රේලියානු ‘ඕෂන් ශීල්ඩ්’ නෞකාව ත්‍රිකුණාමලය වරායට
 

ඕස්ට්‍රේලියානු රජයට අයත් ‘ඕෂන් ශීල්ඩ්’ නෞකාව අද (16) දෙදින නිල සංචාරයක් සඳහා ත්‍රිකුණාමලය වරායට සේන්දු විය.

16 May 2017