තහනම් දැල් 12 ක් නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත්, වාකරේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා කාශ්‍යප ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (22) කාත්තන්කුඩි ප්‍රදේශයේ තිබී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා තහනම් දැල් 12 ක් සොයා ගන්නා ලදී.

23 Feb 2017

ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් ස්ථාපිත කෙරේ
 

නාවික හමුදාව විසින් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක වැඩසටහන්හි වැදගත් කර්තව්‍යයක් වන ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කර පිරිසිදු පානීය ජලය මහජනතාවට නොමිලේ ලබාදිමේ වැඩපිළිවෙලෙහි තවත් එක් සංදිස්ථානයක් සනිටුහන් කරමින් පසුගිය දිනයන්හි දී ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් ස්ථාපනය කෙරිණි.

23 Feb 2017

නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ධීවරයින් 14 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අයත්, නච්චිකුඩාහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (20) කීරමුනාල් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ලාංකික ධීවරයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

21 Feb 2017

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් “ Kri Sultan Iskandar Muda – 367” නෞකාව කොළඹ වරායට සේන්දු වේ
 

ඉන්දුනීසියා නාවික හමුදාවට අයත් “Kri Sultan Iskandar Muda – 367” නැමති නෞකාව සුහද සංචාරයක් සඳහා අද (19) කොළඹ වරායට සේන්දු වූ අතර, එහිදී නාවික සම්ප්‍රදානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.

19 Feb 2017

ලෝක හමුදා දිනය වෙනුවෙන් පැවැත්වූ මාර්ග ධාවනය සඳහා නාවික හමුදාධිපතිතුමා එක්වෙයි
 

ලෝක හමුදා දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල (CISM) මාර්ග ධාවනය - 2017 අද (18) කොළඹ ගාලු මුවදොර පිටියේදී ආරම්භ වූ අතර, එහි සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චිෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා සහභාගි විය.

18 Feb 2017

නීති විරෝධී ලෙස පොකිරිස්සන් ඇල්ලූ පුද්ගලයෙකු අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත් පුත්තලමෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ හලාවත ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (17) මුතුපන්තිය ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස පොකිරිස්සන් ඇල්ලූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

18 Feb 2017

නීති විරෝධී ලෙස ගස් කැපූ පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවේ සහාය
 

වයඹ නාවික විධානයට අයත් මුල්ලිකුලම් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් ඊයේ (17) කරදක්කුලි ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ගස් කැපූ පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ සිලාවතුර පොලීසියේ නිලධාරීන් හට සහාය විය.

18 Feb 2017

නාවික හමුදාධිපතිතුමන් පාකිස්තානු උසස් නිලධාරීන් හමුවෙයි
 

සිය පාකිස්තානු නිල සංචාරය අතතුරදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ (16) එරට ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානීන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හමුවිය.

17 Feb 2017

නාවික හමුදාධිපතිතුමන් පාකිස්තානු යුද හමුදාධිපති හමුවෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (16) පාකිස්තානයේ ඉස්ලාමාබාද් හිදී එරට යුද හමුදාධිපති, ‍ජෙනරාල් ඛුමාර් ජාවෙඩ් බජ්වා මහතා හමුවිය.

17 Feb 2017

කරාතේ ක්‍රීඩාව හැදෑරූ නාවික පුද්ගලයින්ගේ දූ දරුවන් සඳහා වර්ණ පටි පැළඳ වීම වැලිසර දී
 

නාවික හමුදා කරාතේ සංචිතය යටතේ පුහුණුව ලැබූ නාවික හමුදා පුද්ගලයින්ගේ දරු දැරියන් 8 දෙනෙකු සඳහා සහතිකපත් ප්‍රදානය කිරීම සහ වර්ණ පටි පැළඳවීමේ උත්සවය පසුගිය 8 වන දින වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා මහසෙන් ආයතනයේ දී පැවැත්විණි.

17 Feb 2017