ආබාධිත නාවික පුද්ගලයන් වෙනුවෙන් පොලී රහිත ලක්‍ෂ 5 ණය මුදල් ප්‍රදානය කෙරේ
 

සතුරු ප්‍රහාර හේතුවෙන් ආබාධිතව සේවයෙන් ඉවත් වූ නාවිකයන් වෙනුවෙන් පොලී රහිත ලක්ෂ 5 ක ණය මුදලක් ප්‍රදානය කිරීම අද (05) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් සිදු කෙරිණි.

05 Jan 2017

පාකිස්තානයට අයත් “හීන්ගෝල්” සහ “බාසෝල්” යන නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි

සුහද සංචාරයක් සඳහා අද (5) කොළඹ වරායට පැමිණි පාකිස්තානු නාවික හමුදාවට අයත් “හින්ගෝල්” සහ “බාසෝල්” යන නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් අද (5) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර වි‍ජේගුණරත්න මහතා හමු විය.

05 Jan 2017

පාකිස්තානු නාවික හමුදාවට අයත් නෞකා දෙකක් කොළඹ වරායට පැමිණේ
 

පාකිස්තානු නාවික හමුදාවට අයත් “හින්ගෝල්” සහ “බාසෝල්” යන නෞකාවන් දෙක සුහද සංචාරයක් සඳහා අද (5) කොළඹ වරායට සේන්දු විය.

05 Jan 2017

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු අත්අඩංගුවට

ඩෙල්ෆ්ට් දූපතට වයඹ හා උතුරු දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 2 ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (04) සවස අත්අඩංගුවට ගන්නා ලදී.

05 Jan 2017

ශ්‍රී ලංකාවේ නව චීන ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ නව චීන ආරක්ෂක උපදේශක වශයෙන් පත්වීම් ලද ජ්‍යෙෂ්ඨ කර්නල් සූ ජියෑන්වෙයි මහතා අද (4) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමු විය.

04 Jan 2017

තිරප්පනේ මහානාම මහා විද්‍යාලයේ ඉදිකරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය සිසු අයිතියට
 

නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් ව්‍යාපෘතියක් තිරප්පනේ ප්‍රදේශයේදී ක්‍රියාත්මක කෙරිණි.

04 Jan 2017

අනුරාධපුරයේ ස්ථාපිත තවත් ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ සහ රාජාංගනය යාය තුන ගම්මානයේ අද (3) විවෘත කරන ලදි.

03 Jan 2017

2016 වසරේ සමුද්‍රීය ආරක්ෂක රාජකාරීයෙන් නාවික හමුදාව කෝටි 226 ක ආදායමක් උපයයි
 

ඇවන්ගාර්ඩ් පෞද්ගලික සමාගම සතුව පැවති සමුද්‍රීය ආරක්ෂක රාජකාරී කටයුතු ශ්‍රිලංකා නාවික හමුදාව වෙත භාර ගැනීමෙන් අනතුරව, පසුගිය 2016 වසර තුළ රුපියල් කෝටි 226 කට අධික මුදලක් රජයට උපයා දීමට සමත් වී ඇත.

03 Jan 2017

පදවිය ප්‍රදේශයේ ස්ථාපනය කරන ලද තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවේ තවත් එක් වැඩසටහනක් අද (2) නිමාවට පත් විය.

02 Jan 2017

එකම රටක්, එකම දැයක් තුළ එක කොඩියක සෙවණේ මාතෘ භූමිය සංවර්ධනය කිරීම සඳහා කැපවන බවට නාවික හමුදාව දිවුරුම් දෙයි

2017 නව වර්ෂයේ රාජකාරී කටයුතු ආරම්භ කරමින් ප්‍රථමයෙන්ම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2) උදෑසන නාවික හමුදා මූලස්ථානයේදී රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබාදීම සිදු කෙරිණි.

02 Jan 2017