ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය මහ‍ රෝහලේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලීමට කටයුතු කෙරේ
 

වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකායට සමගාමීව වකුගඩු රෝගය නිවාරණය කිරීමේ දැවැන්ත මෙහෙවරේ පෙර ගමන් කරුවෙකු බවට පත්ව සිටින නාවික හමුදාව සිය පර්යේෂණ හා සංවර්ධන අංශය විසින් නිපදවා ස්ථාපිත කරන ලද 56 වන ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය අද (1) යාපනය මහරෝහල් පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.

02 Dec 2016

ඉන්දීය නාවික හමුදාධිපති නැගෙනහිර නාවික විධානයේ චාරිකාවාරයක නිරත වෙයි
 

පසුගිය 28 සහ 29 යන දෙදින පැවැත්වූ ගාලු කතිකාව 2016 අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයට සහභාගීවීම සඳහා දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාධිපති අද්මිරාල්, සුනිල් ලන්බා මහතා ඊයේ (30) නැගෙනහිර නාවික විධානයේ චාරිකාවාරයක නිරත විය.

01 Dec 2016

එක්සත් ජනපද ශාන්තිකර කළාපයේ ආඥාපති නැගෙනහිර නාවික විධානයේ චාරිකාවාරයක නිරත වෙයි
 

ගාලු කතිකාව 2016 අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයට සහභාගීවීම සඳහා පසුගිය දින ශ්‍රී ලංකාවට පැමිණි ඇමරිකා එක්සත් ජනපද ශාන්තිකර කළාපයේ ආඥාපති, අද්මිරාල් හැරී බී. හැරිස් මහතා නොවැම්බර් මස 29 වන දින නැගෙනහිර නාවික විධානයේ නිරීක්ෂණ චාරිකාවාරයක නිරත විය.

01 Dec 2016