නිදහස ලැබූ ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු නැවත භාරදීමට නාවික හමුදාවේ සහාය
 

ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිට නිදහස් කෙරුණු ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු ඉන්දීය රජය වෙත භාරදීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහාය විය.

27 Sep 2016

එප්පාවල ප්‍රදේශයේ ඉදිකරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ
 

නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් ව්‍යාපෘතියක් අනුරාධපුර, එප්පාවල ප්‍රදේශයේදී ක්‍රියාත්මක කෙරිණි.

26 Sep 2016

කේරළ ගංජා කිලෝග්‍රෑම් 89 ක් නාවික හමුදා සහ පොලිස් අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් නාවික ස්ථානගත කිරීම් වෙත්තලකේනි හි රාජකාරී නියුතු නාවිකයන් පිරිසක් සහ මරදන්කර්නි පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අද (26) සිදු කරන ලද සෝදිසි කිරීමක දී මරදන්කර්නි ප්‍රදේශයේ සඟවා තිබු, ඇසුරුම් 4 ක අසුරන ලද කේරළ ගංජා කිලෝග්‍රෑම් 89 ක් අත්අඩංගුවට ගන්නා ලදී.

26 Sep 2016

ඩෙල්ෆ් ප්‍රාදේශිය රෝහලේ සහ ගිලන් යාත්‍රාවේ පරිහරනය සඳහා වෛද්‍ය උපකරණ පරිත්‍යාග කෙරේ
 

ඩෙල්ෆ් දූපතේ සිට යාපනය දක්වා ගිලන් වූ රෝගීන් ප්‍රවාහනය කරනු ලබන ගිලන් යාත්‍රාවේ හා ඩෙල්ෆ් ප්‍රදේශිය රෝහලේ පරිහරණය කිරිම සඳහා වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම ඩෙල්ෆ් දූපතේ පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනයේ දි සිදු කෙරෙණි.

24 Sep 2016

කේරළ ගංජා කිලෝග්‍රෑම් 77.5 ක් නාවික හමුදා සහ පොලිස් අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත්, මුලතිව් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ මුලතිව් පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඒකාබද්ධව සිදු කරන ලද වැටලීමකදී ඊයේ (23) පුදුකුඩිරිප්පුහි පිහිටි අම්බලන්පොක්කනේ වෙරළ තීරයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 77.5 ක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

24 Sep 2016

හම්බෙගමුව ප්‍රදේශයේ ඉදිකරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ‍
 

නාවික හමුදාව මගින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් ව්‍යාපෘතියක් මොණරාගල ප්‍රදේශයේදී ක්‍රියාත්මක කෙරිණි.

24 Sep 2016

නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතයට ජයග්‍රහන රැසක්
 

කොළඹ කුඩා යාත්‍රා සංගමය (Colombo Motor Yacht Club) මගින් සංවිධානය කරන ලද ලේසර් අංශයේ හා එන්ටප්‍රයිසස් අංශයේ රුවල් ඔරු තරඟාවලිය 18 දින බොල්ගොඩ ජලාශයේදී පැවැත්වුනු අතර, එයින් ජයග්‍රහන රැසක් අත්කර ගැනීමට නාවික හමුදා කණ්ඩායමට හැකි විය.

24 Sep 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත්, කින්නියා හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගෝකණ්න ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (22) උප්පාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයන් 14 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

23 Sep 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් 19 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 19 දෙනෙකු ස්ථාන තුනකදී අත්අඩංගුවට ගැනීමට ඊයේ (22) නාවික හමුදාව සමත්විය.

23 Sep 2016

“පිරිනිවන් මංගල්‍ය” බෞද්ධ කැන්ටාටාව ඉදිරිපත් කළ ශිල්පීන්හට සහතිකපත් ප්‍රදානය කෙරේ
 

හෙළයේ මහා සංගීතඥ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ශූරීන්ගේ “පිරිනිවන් මංගල්‍ය” නම් වූ බෞද්ධ කැන්ටාටාව, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් පසුගිය අගෝස්තු මස 25 වන දින නෙළුම්පොකුණ ‍රඟහලේදී අති උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

23 Sep 2016