“තනි මංසලේ” සීඩී තැටිය නාවික හමුදාධිපතිතුමා හට පිළිගැන්වේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයේ නියුතු ලුතිනන් කොමාණ්ඩර් මහින්ද කුරුප්පුගේ මහතා විසින් නිෂ්පාදිත “තනි මංසලේ” නමැති සීඩී පටය එළිදක්වා ඇත. එහි පළමු සීඩී තැටිය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත පිරිනැමීම පසුගිය ජුනි 30 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

07 Jul 2016

කල්පිටිය ප්‍රදේශයේදී කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගැනේ
 

කල්පිටිය මොහොත්තුවාරම් ප්‍රදේශයේදී කැබ් රථයක් මගින් ප්‍රවාහනය කරමින් තිබූ ‍කේරළ ගංජා කිලෝග්‍රෑම් 100 ක පමණ ප්‍රමාණයක් ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශයේ සහාය ඇතිව පුත්තලම පොලිස් විශේෂ කාර්යය බළකායේ භට පිරිසක් විසින් ඊයේ (6) අත්අඩංගුවට ගැනීමට සමත් විය.

07 Jul 2016

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගැනේ

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයන් 16 දෙනෙකු නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (6) ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගන්නා ලදී.

07 Jul 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරුමැද නාවික විධානයට අයත් මන්නාරම, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (5) පල්ලෙමුනේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

06 Jul 2016

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගැනේ
 

පේදුරු තුඩුවට නැගෙනහිරින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු සහ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 2 ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද (5) සවස අත්අඩංගුවට ගන්නා ලදී.

05 Jul 2016

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනේ
 

කුදිරමලෙයි තුඩුවට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 6 දෙනෙකු සහ ධීවර යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද (4) අත්අඩංගුවට ගන්නා ලදී.

04 Jul 2016

නාවික පවුල්වල දරුවන් වෙත නාවික සුභසාධක ඒකකය මගින් පරිත්‍යාග
 

නාවික හමුදා සමාජීය මෙහෙවර අරමුදල මගින් නායක නැවි (කිමිදුම්) එච්ආර්සී කුමාර ගේ දරුවා වෙනුවෙන් ත්‍රී ‍රෝද රථයක් ප්‍රදානය කිරීම සහ නායක ඉංජිනේරු කාර්මික ඒඒජේඒබී බස්නායක යන නාවිකයාගේ දියණියගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා මුදල් පරිත්‍යාග කිරීම අද (4) අධ්‍යක්ෂ ජෙනරාල් සේවා, රියර් අද්මිරාල් එරික් ජයකොඩි මහතා අතින් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

04 Jul 2016

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ ලාංකික ධීවරයින් 46 ක් නාවික හමුදා අත්අඩංගුවට
 

ගිණිකොන නාවික විධානයට අයත් පානම, ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (3) ඔලුවිල් සහ කල්මුනේ අතර මුහුදු සීමාවේදී කිමිදුම් උපකරණ භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 46 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

04 Jul 2016

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනේ
 

ඩෙල්ෆ් දූපතට බටහිර දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ රාත්‍රී (2) අත්අඩංගුවට ගන්නා ලදී.

03 Jul 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 6 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත් කුච්චවේලිහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා වළගම්බා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (1) කොකිලායි සහ කල්ලරාව අතර මුහුදු ප්‍රදේශයන්හි නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

02 Jul 2016