නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 2 කු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත්, මුලතිව් පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පෙරේදා (25) කොක්කුතුඩුවායි මුහුදු ප්‍රදේශය අශ්‍රිතව නීති විරෝධී ක්‍රම යොදා ගනිමින් ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් දෙදෙනෙකු සහ ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රා 2ක්, අත්අඩංගුවට ගන්නා ලදී.

27 Jun 2016

බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ලාංකික ධීවරයින් පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත්, මන්ඩතිව් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (24) පලෙයිකුඩා මුහුදු තී‍රයේ බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ලාංකික ධීවරයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

25 Jun 2016

ආරක්ෂක සේවා තරඟාවලියේ ජයග්‍රහන රැසක් අත්කර ගැනීමට නාවික හමුදාව සමත්වෙයි
 

2016 නව වන ආරක්ෂක සේවා තරඟාවලියේ ජයග්‍රහන රැසක් අත්කර ගැනීමට නාවික හමුදාව මේ වන විට සමත් වී ඇත.

24 Jun 2016

අනතුරට පත් ඉන්දීය ධීවරයන්ට නාවික හමුදාවේ සහාය
 

උතුරු නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (23) එන්ජිම ක්‍රියා විරහිත වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ පාවෙමින් තිබූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 5 දෙනෙකු බේරා ගැනීමට සමත් විය.

24 Jun 2016

නාවික හමුදාව විසින් ඉදිකල නව ගෘහ විද්‍යාගාර ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කෙ‍රේ
 

යාපනය, මාදගල් හි පිහිටි නුනසායි විද්‍යාලයේ දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරළීම සඳහා නාවික හමුදාව විසින් අභිනවයෙන් ඉදිකළ ගෘහ විද්‍යාගාර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවය ඊයේ (22) උතුරු නාවික විධාන අඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එම පාසල්භූමියේදී ඉතා උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

23 Jun 2016

නාවික හමුදාව අනුරාධපුරය වැව් ආශ්‍රිතව ජීවිතාරක්ෂක කණ්ඩායම් රැසක් යොදවයි
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක දොපාර්තමේන්තුවේ පුද්ගලයන් එක්ව ජුනි මස 16 වන දින සිට 20 වන දින දක්වා අනුරාධපුරය ප්‍රධාන වැව් ආශ්‍රිතව විශේෂ ජීවිතාරක්ෂක කණ්ඩායම් කීපයක් ‍යෙදවීමට කටයුතු කරන ලදී.

23 Jun 2016

කතරගම දක්වා පාද යාත්‍රාවේ යෙදෙන බැතිමතුන්ට නාවික හමුදාවෙන් සත්කාර
 

කතරගම පූජා භූමිය වන්දනා කිරීම සඳහා යාපනයේ සිට පාද යාත්‍රාවේ යෙදෙන බැතිමතුන් කෙට් විවේකයක් ලබා ගත් අවස්ථාවේදී ඔවුන්ට ආගන්තුක සත්කාර සිදු කිරීමට ගිණිකොන නාවික විධානය භාර ආඥාපති, කොමදෝරු සුමිත් වීරසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ පානම, ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් ඊයේ (21) කටයුතු කරන ලදී.

22 Jun 2016

ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සමග අවබෝධතා ගිවිසුම් දෙකකට එළබෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව චන්ද්‍රිකා තාක්ෂණය මත පදනම් වූ යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් ආශ්‍රයෙන් දත්ත ලබා ගැනීම (Vessel Monitoring System - VMS) පිළිබදව අවබෝධතා ගිවිසුම සහ ජාතික ජල මානක හා නාවික සිතියම්ගත කිරීමේ අබබෝධතා ගිවිසුම ඊයේ (21) ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයේදී අත්සන් කරන ලදී.

22 Jun 2016

ඕස්ට්‍රේලියානු රාජකීය නාවික ‍හමුදා පර්ත් නෞකාවේ අණදෙන නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි
 

පසුගිය 19 වන දින සුහද සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාවට අයත් පර්ත් නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් ඉවාන් ඉන්ගම් මහතා අද (21) නාවික හමුදා මුලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

21 Jun 2016

ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාවේ පර්ත් නෞකාවේදී උත්කර්ෂවත් පිළිගැනීමේ උත්සවයක් පවත්වයි

සුහද සංචාරයක් සඳහා පසුගිය 19 වන දින මෙරටට පැමිණි ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදා පර්ත් නෞකාවේදී උණුසුම් පිළිගැනීමේ උත්සවයක් ඊයේ (20) සන්ධ්‍යාවේ සංවිධානය කර තිබිණි.

21 Jun 2016