සේවා වනිතා අවුරුදු පොළ උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කරන ලද සේවා වනිතා අළුත් අවුරුදු පොළ ඉතා උත්කර්ෂවත් අයුරින් අද (9) ශ්‍රී ලංකා ‍නාවික නෞකා පරාක්‍රම ආයතනයේදී පැවැත්විණි.

09 Apr 2016

ඉන්දීය ධීවරයින් 96 කට සහ ශ්‍රී ලාංකික ධීවරයින් 9 කට නිදහස
 

ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිට නිදහස් කෙරුණු ඉන්දීය ධීවරයින් 96 දෙනෙකු ඉන්දීය රජය වෙත භාරදීම සහ ඉන්දීය අත්ඩංගුවේ සිට නිදහස ලැබූ ශ්‍රී ලාංකික ධීවරයින් 9 දෙනෙකු යලි මෙරටට භාරදීම අද (9) ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරිණි.

09 Apr 2016

නාවික හමුදාධිපතිතුමා සහ පොලිස්පතිතුමා අතර සුහද හමුවක් නාවික හමුදා මූලස්ථානයේදී
 

විශ්‍රාම යාමට නියමිත පොලිස්පති එන්කේ ඉලංගකෝන් මහතා අද (8) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවූ අතර, නාවික හමුදා සම්මාන ආචාරමුරයක් මගින් එතුමා ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදී. වසර 5ක පමණ කාලයක් පොලිස්පතිවරයා වශයෙන් සිදුකළ ආදර්ශමත් සේවය එහිදී නාවික හමුදාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය.

08 Apr 2016

නීති විරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් හත්දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (7) ඉරනතිව් ප්‍රදේශයට දකුණින් වූ මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු මුහුදු කූඩැල්ලන් 200 ක්, ඩිංගි යාත්‍රාවක් සහ පාවරල් යුගල් 4 ක් ද සමඟ අත්අඩංගුවට ගන්නා ලදී.

08 Apr 2016

ශ්‍රී ලංකා නාවික නෞකා සුරනිමල සහ ශක්ති පුහුණු සංචාරයක් සඳහා මාලදිවයින බලා පිටත්ව යයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නෞකාවන් ද්විත්වයක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සුරනිමල සහ ශ්‍රී ලංකා නාවික නෞකා ශක්ති යන නෞකාවන් 2016 අප්‍රේල් 5 වන දින පුහුණු සංචාරයක් සඳහා කොළඹ වරායෙන් මාලදිවයින බලා පිටත්ව යන ලදී.

07 Apr 2016

නීතිවිරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් එකොලොස් දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

කන්කසන්තුරය ශ්‍රීලංනානෞ උත්තර අයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (6) පේදුරුතුඩුවට නැගෙනහිරින් වූ මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස කිමිදුම් උපකරණ භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයන් 11 දෙනෙකු ඒ සඳහා යොදා ගත් ට්‍රෝලර් යාත්‍රාවක්, ඩිංගි යාත්‍රා 2 ක් සහ කිමිදීම සඳහා යොදා ගන්නා ඔක්සිජන් සිලින්ඩර් 30 ක් සමග අත්අඩංගුවට ගන්නා ලදී.

07 Apr 2016

උතුරු මුහුදේ දී ඉන්දීය ධීවරයින් නව දෙනෙකු අත්අඩංගුවට
 

අනලතිව් දූපතට බටහිර දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 9 දෙනෙකු සහ ධීවර යාත්‍රාවක් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද උදෑසන (7) අත්අඩංගුවට ගන්නා ලදී.

07 Apr 2016

නීතිවිරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් දසදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

කල්පිටිය ශ්‍රීලංනානෞ විජය අයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (5) පෙරිය අරිච්චල් සහ ඉප්පන්තිව් මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයන් 10 දෙනෙකු ඒ සඳහා යොදා ගත් වල්ලම් 5ක් සහ නීති විරෝධී තංගුස් දැල් සමග අත්අඩංගුවට ගන්නා ලදී.

06 Apr 2016

ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්තුමා ඇතුළු නියෝජිතයින් පිරිසක් නාවික හමුදාධිපතිතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් අතිගරු බ්‍රයිස් හච්සන් මහතා, මිනිස් ජාවාරම් පිළිබද සොයාබැලීමේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඇන්ඩෘ ගොලෙඩ්සිනොස්කි මහතා සහ ඕස්ට්‍රේලියානු ස්වෛරී දේශසීමාවේ මෙහෙයුම් සඳහා අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් ඇන්ඩෘ විලියම් බො‍ට්රෙල් මහතා ඇතුළු 9 දෙනෙකුගෙන් යුත් ඕස්ට්‍රේලියානු නියෝජිතයන් පිරිසක් අද (5) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

05 Apr 2016

උතුරු මුහුදේ දී ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු අත්අඩංගුවට
 

ඩෙල්ෆ් දූපතට නිරිත දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු සහ ධීවර යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ රාත්‍රී (4) අත්අඩංගුවට ගන්නා ලදී.

05 Apr 2016