ඉරනතිව් ක්‍රිස්තියාණි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට නාවික හමුදා සහාය
 

වසරේ මුල් දින 40ට පසුව උදාවන පළමු සිකුරාදා දිනයේදී පවත්වනු ලබන ඉරනතිව් දූපතේ “ජපමාලයේ අප ස්වාමිදුවගේ” දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය මෙවරත්, ක්‍රිස්තියාණි බැතිමතුන් 800කගේ පමණ සහභාගීත්වයෙන් හා ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයේ නාවික පුද්ගලයින් ගේ සහායෙන් පෙබරවාරි මස 12 වන දින ඉතා සාර්ථක අයුරින් පැවැත්විණි.

16 Feb 2016

ඉරාන තානාපතිතුමන් නාවික හමුදාධිපති හමුවෙයි
 
 

ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අතිගරු මොහොමඩ් සඒරි අමිරානි මහතා අද (15) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

15 Feb 2016

ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන ලුතිනන් කර්නල් රොබට් රෝස් මහතා අද (15) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

15 Feb 2016

ගාල්ල මකුළුව විහාරස්ථානයේ භික්ෂු ගිලානෝපස්ථාන මන්දිරය නාවික හමුදාධිපතිතුමන් විසින් සඝසතු කෙරේ
 

ගාල්ල, මකුළුව ශ්‍රී බුද්ධසිංහාරාමාධිපති දක්ෂිණ ලංකාවේ ද්විතීය අධිකරණ සංඝනායක, ආචාර්ය ගරු කෙරදේවෙල පුඤ්ඤරතන නායක හිමිපාණන්ගේ ආරාධනාවකට අනුව, එම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ශ්‍රී චන්දරතනාභිධාන අනුස්මරණ භික්ෂු ගිලානෝපස්ථාන මන්දිරය අද (14) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් සඝසතු කරන ලදී.

14 Feb 2016

නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් දාහත්දෙනෙකු අත්අඩංගුවට
 

කල්පිටිය, ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණ මූලස්ථානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (13) උච්චමුනිය සහ කිඹුල්බොක්ක අතර මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් දාහත් දෙනෙකු සමග ඩිංගි යාත්‍රා 5 ක් අත්අඩංගුවට ගන්නා ලදී.

14 Feb 2016

රාජකීය ඕමාන් නාවික හමුදාවේ යුද නෞකාවන් දෙකක් කොළඹ වරායට පැමිණෙයි
 

රාජකීය ඕමාන් නාවික හමුදාවේ “අල් ෂමීක්” සහ “අල් සීබ්” යුධ නෞකාවන් සුහදතාවය වර්ධනය කර ගැනීම හා ඉන්ධන අවශ්‍යතාවයන් සපුරා ගැනී‍මේ අරමුණින් අද (12) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදානුකූලව එම නෞකාවන් පිළිගන්නා ලදී.

12 Feb 2016

දකුණු අප්‍රිකානු නාවික හමුදාවේ “ස්පිඕන්කොප්” යුද නෞකාව සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි

දකුණු අප්‍රිකානු නාවික හමුදාවේ “ස්පිඕන්කොප්” යුධ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (12) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, එම නෞකාව නාවික සම්ප්‍රදානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පිළිගන්නා ලදී.

12 Feb 2016

ඉන්දීය ධීවරයින් දොලොස් දෙනෙකු අත්අඩංගුවට
 
 

තලෙයිමන්නාරමට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් දොලොස් දෙනෙකු සමග ට්‍රෝලර් යාත්‍රා 2ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (10) අත්අඩංගුවට ගන්නා ලදී.

11 Feb 2016

නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ලාංකික ධීවරයින් හත් දෙනෙකු අත්අඩංගුවට
 

මුලංකාවිල්, ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් නීති විරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් තිදෙනෙකු සමග ඩිංගි යාත්‍රාවක් නච්චිකුඩා ප්‍රදේශයේ දී පසුගිය 8 වන දින උදෑසන අත්අඩංගුවට ගන්නා ලදී.

10 Feb 2016

උතුරු නාවික විධානය විසින් කරෙයිනගර් දූපතේ සංවිධානය කළ සෞඛ්‍ය සායනය සාර්ථකයි
 

නාවික හමුදා ප්‍රජා සත්කාරක වැඩසටහන යටතේ තවත් එක් වැඩසටහනක් ලෙස උතුරු නාවික විධානය විසින් සංවිධානය කෙරුණු ක්ෂේත්‍ර සෞඛ්‍ය සායනයක් කරෙයිනගර් හින්දු විද්‍යාලයේදී පෙබරවාරි මස 6 වන දින පැවැත්විණි.

08 Feb 2016