“රාජ්‍ය නොවන ක්‍රියාකරුවන් (Non-state Actors) සහ මිශ්‍ර සංග්‍රාම (Hybrid Warfare)” පිළිබඳව අද්මිරාල් කොළඹගේ මහතාගෙන් විශේෂ දේශනයක්

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ආරාධනයකට අනුව හිටපු නාවික හමුදාධිපති අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා විසින් “රාජ්‍ය නොවන ක්‍රියාකරුවන් සහ මිශ්‍ර සංග්‍රාම” පිළිබඳ දේශනයක් ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවනාගාරයේදී අද (03) දින පවත්වන ලදී.

03 Sep 2015

බංග්ලාදේශ ජාතික ආරක්ෂක විද්‍යාලයේ අධ්‍යයන කණ්ඩායමක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක

බංග්ලාදේශ ජාතික ආරක්ෂක විද්‍යාලයේ 23 දෙනෙකුගෙන් සමන්විත අධ්‍යයන කණ්ඩායමක් අද (03) දින නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

03 Sep 2015

රියර් අද්මිරාල් ඩිරෙන් විග් මහතා නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියානු හා ශ්‍රී ලංකා නාවික හමුදා අතර පවත්වනු ලබන මාණ්ඩලික මට්ටමේ සාකච්ජාව සඳහා පැමිණි දූත පිරිසේ ප්‍රධානත්වය දරණ රියර් අද්මිරාල් ඩිරෙන් විග් මහතා අද (02) දින නාවික හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

03 Sep 2015

ඕස්ට්‍රේලියානු නාවික හමුදාව සමග ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධ නාවික අභ්‍යාසයක නිරතවෙයි

ශ්‍රී ලංකාවේ පස්දින නිල සංචාරය නිමාකරමින් කොළඹ වරායෙන් පිටත් වූ ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ ˝මෙල්බෝන්˝ නෞකාව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාගර සහ සමුදුර යන නෞකාවන් සමග අද (02) ඒකාබද්ධ නාවික අභ්‍යාසයක නිරත විය.

02 Sep 2015

නාවික හමුදාධිපති ගරු අගමැතිතුමන් හමුවේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (02) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිල වශයෙන් හමුවිය.

02 Sep 2015

නාවික හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ ජෙනරාල් මුහුදු මංකොල්ලකෑම් පිළිබඳව සිය අදහස් දක්වයි

2015 සැප්තැම්බර් මස 01 වන දින යුධ හමුදාව සිසින් සංවිධානය කරන ලද ආරක්ෂක සමුළු පළමු සැසිවාරයේදී නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් (මෙහෙයුම්) රියර් අද්මිරාල් ධර්මේන්ද්‍ර වෑත්තෑව මහතා විශේෂ දේශණයක් පවත්වන ලදී.

01 Sep 2015

මත් පෙති 740ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට පත්වේ

බටහිර නාවික විධාන‍යට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කැලණි ආයතනයට අනුයුක්ත නාවිකයින් විසින් වැල්ලවීදිය වෙරළ ආසන්නයේදී ත්‍රීරෝද රථයක් මගින් ප්‍රවාහනය කරමින් තිබූ තහනම් මත් පෙති (Tramadol Capsules) 740ක් සමග සැකකටයුතු පුද්ගලයන් දෙදෙනෙකු මීගමුව පොලීසියේ සහාය ඇතිව අගෝස්තු මස 31 වන දින අත්අඩංගුවට ගන්නා ලදී.

01 Sep 2015

ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල යෙදී සිටි ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු සහ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා තුනක් උතුරු මුහුදේ මුර සංචාරයේ යෙදී සිටි නාවික හමුදා මුර සංචාරක යාත්‍රා විසින් ඊයේ (31) රාත්‍රී අත්අඩංගුවට ගන්නා ලදී.

01 Sep 2015

උතුරු මැද නාවික විධානය ක්ෂේත්‍ර සෞඛ්‍ය සායනයක් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතියේ තවත් එක් අංගයක් වශයෙන් උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් දිමුතු ගුණවර්ධන මහතාගේ මගපෙන්වීම මත, මන්නාරම ප්‍රදේශයේ සිවිල් ජනතාව වෙනුවෙන් 2015 අගෝස්තු මස 30 වන දින තලෙයිමන්නාරම රජයේ දමිළ මිශ්‍ර පාසලේදී ක්ෂේත්‍ර සෞඛ්‍ය සායනයක් පවත්වන ලදී.

01 Sep 2015