බටහිර නාවික විධානයේ නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් උපුල් ද සිල්වා වැඩ භාර ගනී

රියර් අද්මිරාල් උපුල් ද සිල්වා අද (2021 මැයි 18) දින බටහිර නාවික විධාන මූලස්ථානයේදී බටහිර නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

බටහිර නාවික විධානයේ ආඥාපති ලෙස වැඩ භාර ගැනීමට පෙර රියර් අද්මිරාල් උපුල් ද සිල්වා නාවික හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල වශයෙන් රාජකාරි කටයුතු සිදු කරන ලදි. නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන මුරයක් මගින් ආචාර පිරිනමමින් බටහිර නාවික විධානය වෙත නව ආඥාපති පිළිගැනීමෙන් අනතුරුව එම නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන විසින් විධාන මූලස්ථානයේදී ආඥාපති ධූරයෙහි රාජකාරීන් රියර් අද්මිරාල් උපුල් ද සිල්වා වෙත භාර දීම සිදු කෙරිණි

තවද, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානයේ ආඥාපති ලෙස කටයුතු කළ රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන වෙත බටහිර නාවික විධානයේ ‍‍‍‍‍නිලධාරීන් සහ නාවිකයින් විසින් සුභ පැතීමෙන් අනතුරුව නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන ආචාර මුරයක් පිරිනමමින් සමුදීම සිදු කෙරිණි.