රියර් අද්මිරාල් සජිත් ගමගේ නාවික දියත් විධානයේ නව ධජ නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

රියර් අද්මිරාල් සජිත් ගමගේ 2021 අප්‍රේල් මස 30 වන දින ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයේ නාවික දියත් විධාන කාර්යාල‍යේදී නාවික දියත් විධානයේ නව ධජ නිලධාරී වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

ඒ අනුව දියත් විධානයේ ධජ නිළධාරී වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් බන්ඩාර ජයතිලක විසින් ත්‍රිකුණාමලය නාවික තටාකාංගණයේ පිහිටි නාවික දියත් විධාන කාර්යාලයේදී එම ධූරයේ රාජකාරී රියර් අද්මිරාල් සජිත් ගමගේ වෙත භාර දීම සිදු කෙරිණි. නාවික දියත් විධානයේ ධජ නිළධාරී ලෙස වැඩ භාර ගැනීමට පෙර රියර් අද්මිරාල් සජිත් ගමගේ නාවික හමුදා අධ්‍යක්ෂ ක්‍රීඩා වශයෙන් කටයුතු කරන ලදී.

වැඩ භාර ගත් දියත් විධානයේ නව ධජ නිලධාරී වෙත සම්මාන ආචාර මුරයක් පිරිනමමින් නාවික දියත් විධානය වෙත පිළිගත් අතර, හිටපු නාවික දියත් විධානයේ ධජ නිලධාරි වෙත දියත් විධානයේ ‍‍‍‍‍නිලධාරීන් විසින් සුභ පැතීමෙන් අනතුරුව නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන ආචාර මුරයක් පිරිනමමින් සමුදීම සිදු කෙරිණි.