සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නව ආඥාපති නාවික හමුදාධිපති හමුවෙයි

සපුගස්කන්ද, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නව ආඥාපති මේජර් ජෙනරාල් නිශාන්ත හේරත් අද (2021 ජනවාරි 27) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නව ආඥාපති ලෙස පත්වීමෙන් අනතුරුව සම්ප්‍රදායානුකූලව නාවික හමුදාධිපතිතුමන් හමුවීමට පැමිණි මේජර් ජෙනරාල් නිශාන්ත හේරත් වෙත නාවික හමුදාධිපතිතුමන් විසින් සිය සුභාශිංසන පිරිනමන ලදි.

තවද, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති සහ නාවික හමුදාධිපති තුමන් මෙහිදී සුහද පිළිසඳරක නිරත වූ අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.