රියර් අද්මිරාල් ඩී විජේතුංග නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ගනී

වසර 34 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් රියර් අද්මිරාල් ඩී විජේතුංග අද (2020 දෙසැම්බර් 31) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදි.

අද දින සිට විශ්‍රාම යනු ලබන රියර් අද්මිරාල් ඩී විජේතුංග ජ්‍යේෂ්ඨ නිලධාරියාගේ 55 වන උපන් දිනයද අද දිනට යෙදී තිබූ අතර, ඒ වෙනුවෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ඇතුළු නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් විසින්, රියර් අද්මිරාල් ඩී විජේතුංග වෙත උපන් දින සුභපැතුම් පිරිනමන ලදි. අනතුරුව විශේෂ සම්මාන මුරයක් මගින් උත්තමාචාරය පුද කර සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු, නාවික හමුදා මූලස්ථානයෙන් පිටත්ව යන ලදි.

1986 වර්ෂයේදී නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් ඩී විජේතුංග, සිය සේවා කාලය තුල නැගෙනහිර, වයඹ, උතුරු සහ බටහිර නාවික විධානයන්හි කොමදෝරු අධිකාරී සැපයුම් ලෙසත්, අධ්‍යක්‍ෂ නාවික වැටුප් හා විශ්‍රාම වැටුප්, අධ්‍යක්‍ෂ නාවික දේශීය මිළදීගැනීම්, අධ්‍යක්‍ෂ නාවික සැපයුම්, අධ්‍යක්‍ෂ නාවික අයවැය හා අධ්‍යක්‍ෂ ඒකාබද්ධ සැපයුම් කළමනාකරණ පද්ධතිය, අධ්‍යක්‍ෂ නාවික විදේශීය මිළදී ගැනීම් ආදී ප්‍රමුඛ නිලතල දරමින් කටයුතු කල කීර්තිමත් නිලධාරියෙකි.