නාවික හමුදාධිපතිතුමන් ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ දාහතරවන (14) පාඨමාලාව අමතයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ දාහතරවන (14) පාඨමාලාව ඇමතීම සඳහා අද (2020 දෙසැම්බර් 07) සහභාගී විය.

සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති මේජර් ජෙනරාල්, ඩිඒපීඑන් දෙමටන්පිටිය විසින් සිදුකළ ආරාධනයකට අනුව මාණ්ඩලික විද්‍යාලයේ දාහතරවන (14) පාඨමාලාව ඇමතීම සඳහා පිවිසි නාවික හමුදාධිපති තුමන්, මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති විසින් පිළිගැනීමෙන් අනතුරුව, මාණ්ඩලික විද්‍යාලීය ‘මෙරූන්’ ශාලාව වෙත කැඳවාගෙන ‍ගොස්, නාවික හමුදාධිපති තුමන් මාණ්ඩලික විද්‍යාලයේ දාහතරවන (14) පාඨමාලාව වෙත හඳුන්වා දීම ආඥාපති විසින් සිදු කෙරිණි.

‘ශ්‍රී ලංකාවට ශක්තිමත් නාවික හමුදාවක් අවශ්‍යවන්නේ ඇයි’ යන තේමාව පෙරදැරිව නාවික හමුදාධිපතිතුමන් විසින් සිදුකළ මාණ්ඩලික විද්‍යාලයේ දාහතරවන (14) පාඨමාලාව ඇමතීමේ අවස්ථාව සඳහා, සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නියෝජ්‍ය ආඥාපති, බ්‍රිගේඩියර් යුඩි විජේසේකර, බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ, බ්‍රිගේඩියර් එච්එම්එල්ඩි හේරත්, යුද හමුදා ප්‍රධාන උපදේශක බ්‍රිගේඩියර් යුයුකේඑල්එස් පෙරේරා, නාවික හමුදා ප්‍රධාන උපදේශක කොමදෝරු එන්පීඩබ් අමරදාස, ගුවන් හමුදා ප්‍රධාන උපදේශක ගුවන් කොමදෝරු පී රණසිංහ ඇතුළු අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය සහ දාහතරවන (14) පාඨමාලාවට අයත් නිලධාරීන් සහභාගීවී සිටියහ.

තවද, මෙම අවස්ථාව COVID 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍යාරක්ෂිත උපදෙස් හා ක්‍රමවේදයන්ට අනුකූලව සංවිධානය කර තිබූ අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති, මේජර් ජෙනරාල්, ඩිඒපීඑන් දෙමටන්පිටිය සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.