නාවික හමුදාව විසින් කොළඹ කොටුව අන්තර් පළාත් ප්‍රධාන මගී බස් පර්යන්තය විෂබීජහරණය කරයි

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2020 ඔක්තෝබර් 07) මහජනතාව විශාල වශයෙන් ගැවසෙන කොළඹ කොටුව අන්තර් පළාත් ප්‍රධාන මගී බස් පර්යන්තය විෂබීජහරණය කිරීමට කටයුතු කෙරිණි.

මෙහිදි නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ උපදෙස් මත නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය විසින් දෛනිකව මහජනතාව විශාල වශයෙන් ගැවසෙන ‍කොළඹ කොටුව අන්තර් පළාත් ප්‍රධාන මගී බස් පර්යන්තය කේන්ද්‍ර කර ගනිමින් මෙම විෂබීජහරණ කටයුතු නියමිත ක්‍රියා පටිපාටියට අනුව විධිමත්ව සිදු කරන ලදි.

තවද, කොරෝනා වෛරසය රටතුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා මෙවැනි විෂබීජහරණ වැඩසටහන් ඉදිරියටත් සිදු කිරීමට නාවික හමුදාව කටයුතු කරනු ලබයි.