ශ්‍රී ලංකා නාවික නෞකා ‘මහවැලි ආයතනයේ 13 වන සංවත්සරය අභිමානයෙන් සමරයි

නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘මහවැලි’ ආයතනය 2020 ඔක්තෝබර් 01 වන දිනට යෙදී තිබූ සිය 13 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරන ලදි.

ශ්‍රී ලංකා නාවික නෞකා ‘මහවැලි’ 13 වන සංවත්සරය නිමිත්තෙන් එම ආයතනයේ අණදෙන නිලධාරී ඇතුළු නැව් මුළුව විසින් නාවික සම්ප්‍රදායන්ට හා ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සංවත්සර උත්සවය පැවැත්විමට කටයුතු කර තිබුණි. ඒ අනුව, අණදෙන නිලධාරීගේ අංශ පිරික්සීමෙන් අනතුරුව, අණදෙන නිලධාරී විසින් නැව් මුළුව ඇමතීමට කටයුතු කළ අතර, පසුව නැව්මුළුවෙහි සහභාගීත්වයෙන් මංගල භෝජන සංග්‍රහයක් පැවැත්වීමටද කටයුතු කෙරිණි.

එමෙන්ම, මෙම සංවත්සරයට සමගාමීව ශ්‍රී ලංකා නාවික නෞකා ‘මහවැලි’ ආයතනයෙහිදී සර්වරාත්‍රික පිරිත් සඡ්ඣායනයක් සහ දානමය පිංකමක්ද පැවැත්වීමට කටයුතු කරන ලදි.