රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස නිල වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වශයෙන් පසුගිය සැප්තැම්බර් 22 වන දින පත් වූ රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ, අද (2020 සැප්තැම්බර් 29) නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස නිල වශයෙන් රාජකාරි ආරම්භ කරන ලදී.

ඒ අනුව, අද උදෑසන නාවික හමුදා මූලස්ථානයේදී ආගමික වතාවත් වලින් අනතුරුව පැවති චාම් උත්සවයකින් පසු එතුමන් නව ධූරයේ රාජකාරි නිල වශයෙන් ආරම්භ කරන ලද අතර, මෙම අවස්ථාව සඳහා එතුමන්ගේ දයාබර බිරිඳ වන කුමාරි වීරසිංහ මැතිණියද සහභාගි වී සිටින ලදි.