ශ්‍රී ලංකා නාවික නෞකා ‘තක්‍ෂිලා’ සහ ‘මහසෙන්’ ආයතනයන් සිය 13 වන සංවත්සර දිනය අභිමානයෙන් සමරයි

බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘තක්‍ෂිලා’ සහ ‘මහසෙන්’ ආයතනයන්හි 2020 සැප්තැම්බර් 28 වන දිනට යෙදී තිබූ 13 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරන ලදි.

ශ්‍රී ලංකා නාවික නෞකා ‘තක්‍ෂිලා’ සහ ‘මහසෙන්’ ආයතනයන්හි අණදෙන නිලධාරීන් ඇතුළු නැව් මුළුවන් විසින් නාවික සම්ප්‍රදායන්ට හා ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මෙම 13 වන සංවත්සර දිනයන් උත්කර්ශවත් අයුරින් සැමරීමට කටයුතු සංවිධානය කර තිබූ අතර, අණදෙන නිලධාරීන්ගේ අංශ පිරික්සීම් පැවැත්වීමෙන් අනතුරුව, අණදෙන නිලධාරීන් විසින් නැව් මුළුවන් ඇමතීමට කටයුතු කෙරිණි.

තවද, මෙම සංවත්සර දින සැමරීම නිමිත්තෙන් අණදෙන නිලධාරීන් ඇතුළු නැව්මුළුවන්හි සහභාගීත්වයෙන් ‘තක්‍ෂිලා’ සහ ‘මහසෙන්’ ආයතනයන්හි දී මංගල භෝජන සංග්‍රහයන් පැවැත්වීමටද කටයුතු කරන ලදි.