ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ රජයේ ඒකාබද්ධ නව ජල මානක ප්‍රධානී වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ රජයේ ඒකාබද්ධ ජල මානක ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න, ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේදී (NARA) 2020 ‍ අගෝස්තු 28 දින වැඩ භාර ගන්නා ලදි.

ජල මානක සේවාව මගින් ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ අනෙකුත් ආරක්‍ෂක සංවිධානයන්ගේ මෙහෙයුම් කටයතු සඳහා අවශ්‍ය ජල මානක දත්ත ලබා දීම, ජාත්‍යාන්තර ජල මානක සංවිධානය සහ අන්තර් ජාතික සමුද්‍රීය සංවිධානය ඇතුළු අන්තර් ජාතික සම්මුතීන් යටතේ ඇති ජාත්‍යාන්තර බැඳීම් අනුව, ශ්‍රී ලංකාවට අයත් සාගර කළාපය ඔස්සේ යාත්‍රා කරනු ලබන නෞකා සහ එම සාගර කළාපයේ සිදු කරනු ලබන අනෙකුත් සාගරික ක්‍රියාකාරකම් ආරක්‍ෂිතව සිදු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම මෙන්ම ජාතික අවශ්‍යතාවය අනුව රජයේ ආයතන, සංවිධාන හා අනෙකුත් පාර්ශවකරුවන් වෙත අවශ්‍ය සහාය ලබාදීම සිදු කරනු ලබයි.

ඒ අනුව, නව ජල මානක ප්‍රධානී විසින් නාවික හමුදා ජලමානක සේවාව, ජාතික අරමුණු සහ අභිප්‍රායන් ළගා කර ගැනීම ප්‍රමුඛත්වයෙහිලා සලකා ඉදිරියට මෙහෙයවනු ඇත.