ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති තුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ජ්‍යේෂ්ඨ කර්නල් වැන් ඩොන්ග් අද (2020 අගෝස්තු 24) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස පත්වීම සම්බන්ධයෙන් නාවික හමුදාධිපති තුමන් වෙත සුභාශිංසන පිරිනැමූ ජ්‍යේෂ්ඨ කර්නල් වැන් ඩොන්ග්, ශ්‍රී ලංකාව සහ මහජන චීන සමූහාණ්ඩු නාවික හමුදාවන් අතර ඇති දිගු කාලීන සබඳතාවය සහ සහයෝගීත්වය සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක නිරත විය.

තවද මෙම සුහද හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.