ශ්‍රී ලංකා නාවික නෞකා ‘පරාක්‍රමබාහු’ නෞකාව සිය අභිමානවත් පළමු සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු නෞකාව 2020 අගෝස්තු 22 වන දින අභිමානවත් පළමුවන සංවත්සරය ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගණයේදී සමරන ලදී.

2019 ජුනි මස 05 වන දින ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සමූහයට එක්වූ පී 625 නෞකාව, එම වසරේ අගෝස්තු 22 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු ලෙස අධිකාරියට පත් කරන ලද අතර, මෙම අධි තාක්‍ෂණික ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාව ශ්‍රී ලංකාවට අයත් සාගරික කළාපය තුල සහ ශ්‍රී ලංකාවට අයත් සෙවීම් හා මුදවාගැනීම් කලාපය තුල සිදුවන නීති විරෝධී ක්‍රියා සඳහා අවශ්‍ය පියවර ගෙන ආරක්‍ෂාව තහවුරු කිරීම සහ ධීවර සහ නාවික ප්‍රජාව වෙත අවශ්‍ය සහන සැලසීමේ මෙහෙයුම් සඳහා ඉතා ඵලදායී කාර්යභාරයක් සිදු කරනු ලබයි.

ශ්‍රීලංනානෞ පරාක්‍රමබාහු නෞකාව අධිකාරියට පත්කර වසරක් සපිරීම නිමිත්තෙන් නෞකාවේ අණදෙන නිලධාරී ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා සම්ප්‍රදායන්ට මුල් තැන දෙමින් ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගණයේදී අංශ පිරික්සුමක් පැවැත්වීමෙන් අනතුරුව නෞකාවේ නැව් මුළුව සඳහා මංගල භෝජන සංග්‍රහයක් පවත්වා සංවත්සර දින වැඩසටහන් මාලාව නිමාවට පත් කෙරිණි.

තවද මෙම වැඩසටහන පවතින කොවිඩ් 19 වසංගත අවධානම හමුවේ සියළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් පැවැත්වීමට කටයුතු කරන ලදි.