රියර් අද්මිරාල් සුදත් කුරුකුලසූරිය නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් සුදත් කුරුකුලසූරිය සිය වසර 34 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2020 ජුලි 17) විශ්‍රාම යන ලදී.

ඔහු ගේ 55 වන උපන් දිනය ද අද (2020 ජුලි 17) දිනට යෙදී තිබූ අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ප්‍රමුඛ නාවික හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් රියර් අද්මිරාල් සුදත් කුරුකුලසූරිය හට උපන් දින සුභපැතුම් එක් කරන ලදි. අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මගින් උත්තමාචාරය පුද කරන ලද අතර, සහෘද නිලධාරීන් විසින් රියර් අද්මිරාල් සුදත් කුරුකුලසූරිය වෙත සමුදීමෙන් අනතුරුව නාවික හමුදා මූලස්ථානයේ සිට නාවික රථ පෙළපාලියකින් පිටත්ව යන ලදි. එම අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් විසින් මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත සිය සුභාශිංසන එක් කරන ලදි.

1986 වර්ෂයේදී නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් සුදත් කුරුකුලසූරිය මීට පෙර බටහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති, උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, අධ්‍යක්‍ෂ නාවික ව්‍යාපෘති හා සැළසුම් සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන ආදී විවිධ නිලතල දරමින් නාවික හමුදාවට විශාල මෙහෙයක් සිදු කළ නිලධාරියෙකි.