කපිතාන්, සංජීව කත්‍රිආරච්චි ශ්‍රීලංනානෞ සුරනිමිල නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මිසයිල නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘සුරනිමිල’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් සංජීව කත්‍රිආරච්චි අද (2020 ජූලි 15) දින වැඩ භාර ගන්නා ලදී.

නෞකාවේ හිටපු අණදෙන නිලධාරී කපිතාන් සංජීව ප්‍රේමරත්න විසින් ශ්‍රී ලංකා නාවික නෞකා ‘සුරනිමල’ නෞකාවේදී නිල වශයෙන් එතුමන් වෙත අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් භාර දීම සිදු කෙරිණි. ශ්‍රීලංකා නාවික නෞකා රංගල ආයතනයේ පැවති එම උත්සව අවස්ථාව සඳහා බටහිර නාවික ප්‍රදේශය භාර නියෝජ්‍ය ආඥාපති කොමදෝරු බන්දුල සේනාරත්න ද සහභාගී වූ අතර, නව අණදෙන නිලධාරීගේ අංශ පිරික්සීමෙන් අනතුරුව එම කර්තව්‍යයන් නිමාවට පත් කෙරිණි.