රියර් අද්මිරාල් උපුල් ද සිල්වා ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ නව ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් උපුල් ද සිල්වා ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථානයේදී 2020 ජූනි මස 29 වන දින වැඩ භාර ගන්නා ලදී.

රියර් අද්මිරාල් උපුල් ද සිල්වා වෙත සම්මාන ආචාර මුරයක් පිරිනමමින් ස්වේච්ජා නාවික හමුදා මුලස්ථානය වෙත පිළිගත් අතර, ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් සුමිත් විරසිංහ විසින් ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථානයේ ආඥාපති කාර්යාලයේදී එම ධූරයේ රාජකාරීන් රියර් අද්මිරාල් උපුල් ද සිල්වා වෙත භාර දීම සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා ස්වේච්ජා නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේ අණදෙන නිලධාරි, කොමදෝරු ජේකේකේ ගමගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගිවී සිටින ලදි.