බලපත්‍ර රහිතව ධීවර කටයුතු වල නිරතවීම‍ට උත්සාහ කල පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට.

නාවික හමුදාව 2020 ජුනි මස 25 දින මන්නාරම, කටස්පතිරි ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදි බලපත්‍ර රහිතව ධීවර කටයුතු වල නිරතවිම‍ට උත්සාහ කල පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

ඒ අනුව, උතුරු මැද නාවික විධානය විසින් 2020 ජුනි 25 වන දින මන්නාරම, කටස්පතිරි ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලද සෝදිසි මෙහෙයුමකදී බලපත්‍ර රහිතව නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදු කල පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි. එම පුද්ගලයින් වයස අවුරුදු 18 ත් 28 ත් අතර පසුවන පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, එහිදී එම පුද්ගලයන් සමග ඩිංගි යාත්‍රාවක්ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා පුද්ගලයින්, ඩිංගි යාත්‍රාව සහ පිටත දහන යන්ත්‍රය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පේසාලේ ධීවර පරීක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදි.