නාවික හමුදා සහයෙන් තහනම් මත් ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජූලි 25 සහ 27 දිනයන්හි මිද්දෙනිය සහ ගොඩගම උනැල්ල යන ප්‍රදේශයන්හි සිදු කළ සෝදිසි මෙහෙයුම් දෙකකදී තහනම් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

නාවික හමුදාව තහනම් මත්ද්‍රව්‍ය රට තුළ ව්‍යාප්ත වීම වැලැක්වීම සඳහා නිරන්තර මෙහෙයුම් දියත් කරමින් සිටියි. එලෙස දකුණු නාවික විධානය විසින් එහි තවත් එක් මෙහෙයුමක් පට්ටියපොල පොලිස් විශේෂ කාර්ය බලකාය සමග එක්ව මිද්දෙණිය ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් 2020 ජූලි 27 වන දින සිදුකරන ලද අතර එහිදි කේරල ගංජා ග්‍රෑම් 200 ක ප්‍රමාණයක් ලග තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදී.

තවද, එම නාවික විධානය විසින්ම 2020 ජුනි 25 වන දින කොක්මාදූව පොලිස් විශේෂ කාර්ය බලකාය සමග එක්ව ගොඩගම උනැල්ල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී හෙරෝයින් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1.5 ක පමණ ප්‍රමාණයක් ලග තබාගෙන සිටි පුද්ගලයන් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදී

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් වයස අවුරුදු 30 ත් 34 ත් යන වයස්වල පසුවන මිද්දෙනිය සහ මාතර යන ප්‍රදේශයන්හි පදිංචි කරුවන් බවට හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගන්නා ලද තහනම් මත් ද්‍රව්‍ය සහ එම සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු මිද්දෙනිය සහ මාතර පොලිස් ස්ථානයන් මගින් සිදු කරනු ලබයි.