කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය අවසන් කල තවත් පුද්ගලයින් 06 දෙ‍නෙකු පිටව යයි.

කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 06 දෙනෙකු 2020 ජුනි 23 සහ 2020 ජුනි 24 යන දින යන්හි එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි.

සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ මෙම පුද්ගලයින් රජයේ සෞඛ්‍ය උපදෙස් වලට අනුව නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පිටත් කර යැවීමට කටයුතු කරන ලද අතර, මෙහිදී ඔවුන් වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කල බවට ලබා ‍‍දෙනු ලබන සහතිකපත් ලබා දීමටද නාවික හමුදාව කටයුතු කරන ලදි.

ඒ අනුව, මේ වන විට පුද්ගලයින් 53 ක් නිරෝධායනය අවසන් කර කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් ඇති අතර, තවදුරටත් එම මධ්‍යස්ථානයෙහි පුද්ගලයින් 14 ක පිරිසක් නිරෝධායනය වෙමින් සිටී.