හෙරෝයින් සමඟ සැකකරුවෙක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ මන්නාරම, මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව 2020 ජුනි 24 වන දින මන්නාරම ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී හෙරෝයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

පවතින ව්‍යසනකාරී වසංගත තත්ව‍‍ය හමුවේ වුවද නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරමින් සිටී. ඒ අනුව සිදුකල තවත් එක් මෙහෙයුමක් උතුරු මැද නාවික විධානය විසින් මන්නාරම, මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා එක්ව 2020 ජුනි 24 වන දින මන්නාරම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදුකරන ලදි. එහිදි හෙරෝයින් නැමැති මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 600 ක පමණ ප්‍රමාණයක් විකිණීමට සූදානමින් ලග තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදී.

අත්අඩංගුවට පත් සැකකරු මන්නාරම, පෙරියපෝරතිව් ප්‍රදේශයේ පදිංචි වයස අවු 22ක් වන පුද්ගලයෙකු බව හඳුනාගන්නා ලද අතර, එම සැකකරු සහ හෙරෝයින් ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම පොලිසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.