කෝකිලායි ප්‍රදේශයේ තිබූ පුද්ගල නාශක බෝම්බයක් නාවික හමුදාව විසින් නිෂ්ක්‍රීය කරයි.

නාවික හමුදාව විසින් 2020 මැයි මස 30 වන දින කෝකිලායි ප්‍රදේශයේ තිබූ පුද්ගල නාශක බෝම්බයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇති අතර පසුව අදාල බෝම්බය සාර්ථකව නිෂ්ක්‍රීය කිරීමට කටයුතු කරන ලදි.

සිවිල් පුද්ගලයෙකුගෙන් ලද තොරතුරක් මත කෝකිලායි නාවික හමුදා අණුඛණ්ඩයේ සිට මීටර 150ක පමණ දුරක තිබී මෙම පුද්ගල නාශක බෝම්බය නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇති අතර, පසුව නාවික හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නාවික පුද්ගලයින් පිරිසක් විසින් එම බෝම්බය සාර්ථකව නිෂ්ක්‍රීය කිරීමට කටයුතු කරන ලදි. මෙලෙස නිෂ්ක්‍රීය කරන ලද පුද්ගල නාශක බෝම්බය පසුගිය මානුෂීය මෙහෙයුම් සමයේ එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් අතහැර දමා යන ලද බෝම්බයක් බවට සැක පල කරනු ලබයි.