නාවික හමුදාව විසින් පුද්ගලනාශක බෝම්බ තොගයක් සොයා ගැනේ

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2020 මැයි මස 29 වන දින මන්නාරම, වෙඩිතලතිවු ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී පුද්ගලනාශක බෝබ්බ තොගයක් සොයා ගැනීමට සමත් විය.

උතුරු මැද නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් සහ අඩම්පන් පොලිසිය එක්ව 2020 මැයි මස 29 වන දින මන්නාරම වෙඩිතලතිවු ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී මෑතකදී පිරිසිදු කරන ලද එම ප්‍රදේශයේ අතහැර දමා ඇති ළිඳක් අසල තිබූ දේශීය නිෂ්පාදිත පුද්ගලනාශක බෝම්බ 29ක් සහ මිමී 60 වර්ගයේ මෝටාර් ෆියුස් 02ක් සොයා ගැනීමට සමත් විය.

මෙලෙස සොයා ගන්නා ලද පුපුරණ ද්‍රව්‍ය පසුගිය මානුෂීය මෙහෙයුම් පැවති සමයේ අතහැර දමන ලද ඒවා යැයි සැක පල කරන අතර එම පුද්ගලනාශක බෝම්බ සහ මිමී 60 වර්ගයේ මෝටාර් ෆියුස් වැඩිදුර පරික්‍ෂණ සිදු කිරීම සඳහා අඩම්පන් පොලිසිය ‍වෙත භාරදීමට කටයුතු කරන ලදි.